31 රෑට නටන්න ලෑස්ති වෙන සාරංග සහ දිනක්ෂි

  • 19-12-2021
  • Views 192

කාලයෙන් කාලයට පුවත් මවන සමාජ මාධ්‍ය තුළ අතිශයින් ප්‍රසිද්ධියට පත් යුවළක් වෙන සාරංග සහ දිනක්ෂි අලුත්ම නැටුමකට සැරසෙන බව දන්වා තිබෙනවා.

සෑම වසරකම දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ පැවැත්වෙන ”හිරු සිහින රැයක්” වෙනුවෙන් තමයි ඔවුන් මෙලෙසින් සූදානම් වන්නේ. එහි පුහුණුවන අතරතුර ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යට එක්කරන්ත් ඔවුන් දෙදෙනා අමතක කර නැහැ.

මේ වන විට මව් – පිය යුවළක් වන ඔවුන් දෙදෙනා දරුවාගේ කටයුතුත් කළමනාකරණය කරගෙන මෙම පුහුණුවීම් වලට සුදානම් වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

කෙසේ නමුත් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇති මෙම යුවළ 31 රාත්‍රියේ නටන නැටුම කොයි වගේ එකක් වෙයිද කියලා තමයි බොහෝ දෙනා බලාගෙන සිටින්නේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප පෙළක් තමයි මේ.