අමරණීය ජෝති අනුස්මරණය කළ ’’නින්ද නේන රාත්‍රියේ’’ BMICH හැඩකල අයුරු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කල නින්ද නේන රාත්‍රියේ සංගීත සන්ධ්‍යාව පසුගියදා කොළඹ BMICH හිදි පැවැත්වුණා.

උද්දික ප්‍රේමරත්න, බිමල් ජයකොඩි, තනුර මධුගීත්, මාරියෝ ආනන්ද, සුරේන්ද්‍ර පෙරේරා, සුනෙත් උදයරත්න, උමාලි තිලකරත්න, උරේශා රවිහාරි සහ අමිලා නදීශානි විසින් මෙම ප්‍රංගයේ ගීතවත් වූ අතර ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාර්තයින් වන වසන්ත දුක්ගන්නාරාල, නිලාර් ඒන්. කාසීම් හා සචිනි නිපුන්සලා මෙහි වැඩසටහන් ඉදිරිපත් කිරීම් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජපුර විද්‍යාර්ථයින්, රයිගම් හා K&D සමූහ ව්‍යාපාරයේ සේවක පිරිස ඇතුලු සියලු දෙනාගේ සහයෝගය මත මෙම සංගීත ප්‍රසංගය සාර්ථකව නිමකර ගැනීමට හැකි වූ බව රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින්ගේ මව් සංගමයේ උප සභාපති ආචාර්ය රවී ලියනගේ පවසනවා.