නිස්කලංකත්වය ප්‍රමුඛ කරගත් Tamarind Tree



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-17-ent-1002

කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට නුදුරින් ආඬිඅම්බලම ප්‍රදේශයේ පිහිටා තිබෙන Tamarind Tree හෝටලය ප්‍රදේශයේ තිබෙන නිහඬ නිස්කලංක පරිසරයකින් හෙබි හෝටලයකි. ප්‍රදේශයේ තිබෙන නිස්කලංකම පරිසරයක් තුළ පිහිටා තිබෙන හෝටලය මේ බව පැවසූවත් එහි වැරැද්දක් දැකිය නොහැකියි. නිරන්තරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ සුහද නවාතැනක් වන Tamarind Tree හෝටලය පිළිබඳව ඔබට ගෙන ඒමට අප සිතුවෙමු.2019-09-17-ent-986

Tamarind Tree යනු එකල මීට වසර පහළවකට පමණ පෙර ආරම්භ කළ නවාතැන්පළකි. අක්කර පහලොවක භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන මෙම හෝටලයේ පිවිසුමෙහි සිට සෑම තැනකම දැකිය හැක්කේ කොළ පාටට දිදුලන තුරු වැල් මැදින් නිර්මාණය වුණු හෝටලයකි. විවිධ ගස්වැල්, මල් වගාවන්, මැදින් සංචාරකයින් මහත් ප්‍රියතාවයක් දක්වන නිහඬ පරිසරයක් නිර්මාණය කිරීමට මෙහි නිර්මාණශිල්පියෝ කටයුතු කර තිබෙන බව පැවසිය හැකියි. හෝටලය තුළ තිබෙන Green House (කොරටුව) හි තිබෙන එළවළු බොහෝ විට හෝටලයේ මුළුතැන්ගෙට ලබා දෙන්නේ පාරිබෝගිකයන්ට ගුණාත්මක ආහාර වේලක් ලබා දීමේ අරමුණ ඇතිවය.

Tamarind Treeහි ස්ටෑන්ඩට් සහ බංගලා ආකාරයට නිම වුණු කාමර හැටක් පමණ තිබේ. මෙම කාමරයන්හි පාරිබෝගිකයන්ට අවශ්‍ය සියළුම උපාංග සපයා දී තිබේ. බංගලා ආකාරයට නිම වුණු කාමරයන් ගොඩනැගිලිවලින් වෙන් වුණු තැනින් තැනට වන්නට ඉදිකිරීමට මෙහි සැලසුම්කරුවෝ කටයුතු කර ඇත. එයින් සංචාරකයින්ගේ පහසුව පිළිබඳව මෙහි පාලනාධිකාරිය කොතෙක් දුරකට සිතා තිබෙනවාද යන්න මැන ගත හැකියි. විශේෂයෙන් මෙහි කාමරයන් ප්‍රමාණයෙන් විශාල ආකාරයට නිමවා ඇති බවද කිව යුතුය. තවද මෙහි ඇති යම් යම් කාමරවල පාරිබෝගිකයන්ට අවශ්‍ය පරිදි ආහාර පිසගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

Tamarind Tree සිට කටුනායක ගුවන්තොටුපළට ඇත්තේ කිලෝමීටර් හතරක පමණ දුරකි. එම නිසා විදේශීය සංචාරකයින් ලංකාව තුළට පැමිණි විට නවාතැන් ගැනෙනා සහ ලංකාවෙන් පිටව යෑමට පෙර නවාතැන් ගැනෙනා හෝටලයක් ලෙස මෙය විදේශීකයන් අතර මහත් ප්‍රසිද්ධියක් උසුළයි. විශේෂයෙන් ලංකාව තුළ ඇවිදීම ආරම්භ කිරීමට පෙර මෙවැනි නිස්කලංක පරිසරයක ගත කිරීමට ලැබෙන වාසිය ඔවුන් විඳීමට කැමැත්තක් දක්වයි.

මෙම හෝටලයේ ඇති පිහිටීම සහ පරිසරය අලංකාර කර ඇති ආකාරයට බොහෝ මංගල උත්සවයන්වල ඡායාරූප ගැනීමටද මෙහි පැමිණෙන බව කිව යුතුය. ඒ වගේම මෙහි තිබෙන උත්සව ශාලා තුළ තමන්ගේ ජීවිතයේ සුන්දරතම දිනය සැමරීමටද දේශීය පාරිබෝගිකයන් තුළ මහත් කැමැත්තක් ඇති බවද පාලනාධිකාරිය පවසයි.

Tamarind Treeහි තිබෙන රෙස්ටූරන්ට් එක, සුවතා මධ්‍යස්ථානය (Gym), පිහිනුම් තටාකය සහ මත්පැන් ශාලාවට මෙහි සිටින සංචාරකයින්ගේ විශේෂ ආකර්ශණයක් හිමි වී තිබේ. මත්පැන් හල නිරන්තරයෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ගෙන් කාර්යබහුල වී තිබෙන්නේ එහි ඇති නානාප්‍රකාර අලංකාරයන් තුළ සිට මදුවිතක් තොල ගෑම ආශ්වාදජනක නිසාය.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - සුපුන් උදංයග

 

2019-09-17-ent-983 2019-09-17-ent-984 2019-09-17-ent-985  2019-09-17-ent-987 2019-09-17-ent-988 2019-09-17-ent-989 2019-09-17-ent-990 2019-09-17-ent-991 2019-09-17-ent-992 2019-09-17-ent-993 2019-09-17-ent-994 2019-09-17-ent-995 2019-09-17-ent-996 2019-09-17-ent-997 2019-09-17-ent-998 2019-09-17-ent-999 2019-09-17-ent-1000 2019-09-17-ent-1001