පවුලේ සංචාරයට කදිම තෝරා ගැනීම රස්කින් දූපතේ අයානා ලේක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200910-49 (3)

රටේ පැවැති කෝවිඞ් වසංගතය නිසා මාස කිහිපයක්ම නිවසට වී සිටීමට සිදුවූ නිසා බොහෝදෙනකු මානසික හා ශාරීරික ලෙසත් අපහසුතාවට පත්වී සිටීමට සිදුවිය.

මේ වන විට රටේ වාතාවරණය යහපත් අතට හැරෙමින් පවතින අතර, එදිනෙදා ජීවිතය ද යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. මේ නිසාම නිවසේ හිර වී සිටි පිරිස් ලැබෙන කෙටි නිවාඩුවකදී පවා විනෝද චාරිකා යන්න උනන්දු වන අයුරු දැක ගැනීමට පුළුවන.

අද අප පවුලේ සංචාරයෙන් හඳුන්වා දීමට යන්නේ අගනගරය ආශ‍්‍රිත ඔබට ඉතා පහසුවෙන් යා හැකි ඉතාම සොඳුරු තැනක් පිළිබඳවය. බස්නාහිර පළාතේ විශාලතම තෙත්බිමක් ලෙස සැලකෙන බොල්ගොඩ ජලාශය මැද පිහිටි දූපත් රාශියකි. දේශීය විදේශීය සංචාරක ආකර්ශනය ලද මෙම දූපත් අතර පිහිටි රස්කින් දූපත ද බොහෝදෙනාගේ අවධානයට යොමු වූ දූපතකි. මෙහි පුද්ගලික නිවාස, සංචාරක බංගලා, හෝටල් බොහොමයක්ම ඉදිවී තිබේ.

එහි ඉදි කර ඇති අයානා ලේක් අද වන විට සංචාරකයන් අතර වඩාත් ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. අද අපි යන්නේ අයානා ලේක් නවාතැනටය.

අයානා ලේක් මෙහි ඉදි වී ඇත්තේ මීට වසර පහකට ඉහතදී ය. මෙම ස්ථානයට මාර්ග කිහිපයකින්ම ළඟා විය හැකිය. කොළඹ සිට ගමන් කිරීමේදී පරණ මොරටුව මාර්ගයේ ගොස් දිග්ගල මාර්ගයේ ගමන් කිරීමෙන් මෙම ස්ථානයට යා හැකිය. එසේම අධිවේගී මාර්ගයේ ගමන් කරන ඔබට ගැලනිගමින් පිටවී පානදුරට පැමිණ පරණ මොරටුව මාර්ගයේ ගොස් දිග්ගල මාර්ගයේ ගමන් කළ හැකිය.

අයානා ලේක් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට සුවිශේෂී හේතු බොහොමයක් තිබේ. ඉන් සුවිශේෂම වන්නේ බොල්ගොඩ නදිය හරහා එය පිහිටි දූපතට යාමට තිබීමය. එතැනට ඔබට දෙයාකාරයකින් ගමන් කළ හැකි ය. එහි ඇති පාලම් පාරුවේ ඔබගේ වාහනය නංවාගෙන ගමන් කිරීම හා හබල් ගසමින් ඔරුවේද ගමන් කිරීම එම ක‍්‍රම දෙකය.

රස්කින් දූපතට සංචාරය කරන ඔබට බොහෝ අත්දැකීම් ලබාගැනීමට පුළුවන. එහිදී කුරුල්ලන්, සමනලූන්, මල් විශේෂ බොහොමයක් දැක ගැනීමට හැකිය. එසේ නරඹමින් යන ඔබට අයානා ලේක් වෙතින් ඉතාම සුහදශීලී, ආචාරශීලී සත්කාර විඳගැනීමට ද හැකියාව පවතී.

මෙහි පිහිටීම ද ආකර්ෂණීය ය. හෝටලයේ එක් පැත්තක් ගඟට මායිම්ව පිහිටා තිබේ. ඇතැම් නිදන කාමරවල සිටම ගෙඟ් අසිරිය විඳගැනීමට පුළුවන. නාන තටාකය ද සංචාරකයන්ට අපූරු අත්දැකීමක් ලබා ගැනීමට හැකි අයුරින් නිර්මාණය කර ඇත. එසේම ගෙඟ් අසිරිය විඳිමින් කාලය ගත කිරීමට නිර්මාණය කළ කුටි දෙකක්ද ඇත. රාත‍්‍රියට මෙම ස්ථානය සැබෑම වූ අපූර්වත්වයක් ලබාදෙයි.

අයානා ලේක් හි නිදන කාමර 06 කි. ද්විත්ව නිදන කාමර ලෙස නිර්මාණය කර තිබෙන අතර සියලූම නවීන පහසුකම්වලින් යුක්තය. මෙම ස්ථානයේ 15 දෙනකුට පමණ සුව පහසුව එකවර නවාතැන් ගැනීමටද හැකිය.

මෙහිදී උපන්දින සාද ඇතුළු ප‍්‍රියසාද සඳහාත් වෙන්කර ගැනීමට හැකියාව තිබේ. දිනක සංචාර, කාර්යාල සුහද හමු සඳහාත් හොඳින්ම ගැළපෙන ස්ථානයක් ලෙස මෙය හඳුන්වාදීමට පුළුවන. මෙහිදී ඔබට ප‍්‍රණීතව සැකසූ දේශීය මෙන්ම විදේශීය ආහාරපානද ලබාගත හැකිය. එසේම අවශ්‍යතාව අනුව ඉතා නැවුම්ව කලපු කකුළුවන්, ඉස්සන්, මාළු, පොකිරිස්සන් ආහාරයට සකසා ගැනීමටද පුළුවන.

එපමණක් නොව ඔබට බොල්ගොඩ නදියේ සංචාරය කිරීමට ද පහසුකම් සලසාගත හැකිය. එම සංචාරයේදී ධිවරයින්ගෙන් මාළු මිලදීගෙන අයානා ලේක් හි සූපවේදීන් ලවා පිළියෙල කර ගැනීමට ද අවස්ථාව තිබේ.

මෙයට අමතරව ඊගඊගූ පහසුකම් ද ලබාගත හැකි ය. මධුසමය ගත කිරීමටද මෙය අපූරු ස්ථානයකි. පහසුකම්වලින් පමණක් නොව සුන්දරත්වයෙන්ද සපිරි අයානා ලේක් ඔබේ පවුලේ සංචාරයට කදිම තෝරා ගැනීමකි.

 

සටහන/ඡායාරූප - ශාන්බන්දු වීරසිංහ

 

ENT-20200910-49 (1) ENT-20200910-49 (2)  ENT-20200910-49 (4) ENT-20200910-49 (5) ENT-20200910-49 (6) ENT-20200910-49 (7) ENT-20200910-49 (8) ENT-20200910-49 (9) ENT-20200910-49 (10) ENT-20200910-49 (11) ENT-20200910-49 (12) ENT-20200910-49 (13) ENT-20200910-49 (14)