නිට්ටඹුවේ ඇති සුන්දර පාරාදීසය, The Pharo



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අවුරුදු කිහිපයකට පසු මෙරට සංචාරක කර්මාන්තය යළිත් යථා තත්ත්වයට පත් වෙමින් පවතී. එම සතුටුදායක ආරංචියත් සමඟ මෙරට නිවෙස්වල, ආයතනවල වැඩ රාජකාරීවල සිර වී සිටි, මද වේලාවකට හෝ නිදහස සොයන  ජනතාව තම ආදරණීයයන් සමඟ කා බී විනෝදවීමට විවිධ හෝටල් තෝරා ගැනීම ආරම්භ කර ඇත. කෙටි කාලයකට හෝ නිවසින් පිටතට ගොස් නිදහසේ කාලය ගත කිරීම තරම් මනසට සුවදායී දෙයක් නොමැති තරම්. එමෙන් ම වසංගත රෝගී තත්ත්වය පහවයාමත් සමඟ මෙරට තරුණ තරුණියන් තම විවාහ මංගල්‍යය උත්සවය ද තමන්ට රිසි අයුරින් සැලසුම් කර සීමාමායිම්වලට සිර නොවී සිදු කිරීමට බලාපොරොත්තු දල්වා සිටින බව ද අපි කවුරුත් දන්නා දෙයක්. එලෙස තම පවුලේ පිරිස සමඟ නිදහසේ කාලය ගත කිරීමටත්, විවාහය වැනි සුවිශේෂී ජීවිත කඩඉමක් විශ්වාසවන්ත ව සිදු කරගත හැකි කදිම තැනක් පිළිබඳව කතා කරන්නයි අපේ සූදානම. 

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුලේ ආදරණීයයන් සමඟ නිදහස විඳීමට, සතුටුවීමට එමෙන් ම සියලු ම උත්සව වඩාත් විශ්වාසවන්තව සිදු කර ගත හැකි තෝතැන්නක් ලෙස The Pahro Hotel නිට්ටඹුව සඳහන් කළ හැකියි. නිට්ටඹුව නගරයට නුදුරින් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති පාරෝ හෝටල් පරිශ්‍රය සැබැවින් ම දේශීය සංචාරකයින් මෙන් ම විදේශීය සංචාරකයින් ද ආකර්ෂණය කරගත හැකි තරම් සුන්දර ය. මෙම හෝටල් පරිශ්‍රය ආරම්භ වී වසර දෙකක පමණ කෙටි කාලයක් පමණක් ගත වුව ද මේ වන විට මෙරට හෝටල් අතර ප්‍රචලිත නාමයක් දිනා ගැනීමට The Pahro Hotel සමත් වී ඇත. 

එය cable TV, Free Wi-Fi / tea/coffee amenities, hot water සහ තවත් බොහෝ නවීන පහසුකම් සහිත මනා ලෙස නිමවා ඇති, සම්පුර්ණයෙන් ම වායුසමනය කරන ලද, සුඛෝපභෝගී Deluxe කාමර වලින් සමන්විත දැවැන්ත හෝටල් පරිශ්‍රයකි.

මෙම හෝටලය හොඳින් ඉඩකඩ සහිත උත්සව ශාලා දෙකකින් සමන්විත වන අතර, අමුත්තන් 350කට පමණ සහභාගී විය හැකි The Grand Ballroom සහ The Lavender Ballroom වලින් සමන්විත වේ. මෙය මංගල උත්සව, සාද, සම්මන්ත්‍රණ සහ වෙනත් උත්සව සඳහා ද ඉතාමත් සුදුසු ය. හෝටල් පරිශ්‍රයේ උඩුමහලේ ඇති පිහිනුම් තටාකය සහ එළිමහන් විවේකාගාරය උපන්දින සාද, කොක්ටේල් සාද, රැස්වීම් සහ ඕනෑ ම උත්සවයක් සඳහා ආකර්ෂණීය බවක් ගෙන එයි.

එමෙන් ම හොඳින් පළපුරුදු දක්ෂ කෝකිවරුන් විසින් පිස දෙනු ලබන, The Pharo හෝටලයට ම ආවේණික රසවත් 
දේශීය සහ විදේශීය ආහාරපාන ද බොහෝ දෙනා අතර ජනප්‍රිය ය. මෙරට අනෙක් හෝටල් සමඟ සසඳන කල The Pharo හෝටලය තුළ පිස පිළිගන්වන රසවත් ආහාරපාන ප්‍රාමාණිකව වැඩි බවක් පෙනේ.

බොහෝ දෙනාට ගැටළුවක්ව පවතින ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ස්ථානයක් නොමැති වීම ද මෙම හෝටල් පරිශ්‍රයේ දී ගැටළුවක් නොවේ. එනම් මෙහි ඒ සඳහා හොඳ ඉඩකඩක් සහිත වාහන නැවැත්වීමේ ස්ථානයක් ඇති අතර ඡායාරූප ගැනීම සඳහා ම වෙන් වූ මනරම් පසුතල සැකස්මක් සහිත වටපිටාවක් ද තිබීම සුවිශේෂී ය.
 
කෙසේ හෝ The Pharo හෝටලය තුළින් අපට අවශ්‍ය සියලු ම අංශ ආවරණය වන පරිදි සුවිශේෂී අත්දැකීමක් ලබාගත හැකි අතර හෝටල් කාර්‍යමණ්ඩලයෙන් ලැබෙන විශිෂ්ට සේවය ද ඉතා සතුටුදායක ය. එලෙස ආදරණීයයන් සමඟ නිදහසේ කාලය ගත කිරීමටත්, ජීවිතයේ සුවිශේෂී සැමරුම් සමරන්නටත් බස්නාහිර පළාත ආශ්‍රිතව ඇති හෝටල් අතරින් කදිම තෝතැන්නක් ලෙස The Pharo හෝටලය සඳහන් කළ හැකි ය.

කෙසේ හෝ The Pharo හෝටලය තුළින් අපට අවශ්‍ය සියලු ම අංශ ආවරණය වන පරිදි සුවිශේෂී අත්දැකීමක් ලබාගත හැකි අතර හෝටල් කාර්‍යමණ්ඩලයෙන් ලැබෙන විශිෂ්ට සහයෝගය ද ඉතා සතුටුදායක ය. එලෙස බස්නාහිර පළාත ආශ්‍රිතව තම ආදරණීයයන් සමඟ නිදහසේ කාලය ගත කිරීමටත්, ජීවිතයේ සුවිශේෂී සැමරුම් සමරන්නටත් කදිම තෝතැන්නක් ලෙස The Pharo හෝටලය සඳහන් කළ හැක. සුවිශේෂී අත්දැකීම් සමඟ සුන්දර මතකයන් ගොඩනගා ගැනීමට ඔබත් එක් වරක් හෝ ගොඩ විය යුතු පාරාදීසයකි, The Pharo.

www.thepharo.lk