කරීනාගේ අමුතු ආභරණයකට ඉන්දියාවෙන් විරෝධය ...
Bollywood සුරූපිනිය නිළි Kareena Kapoor Khan Diwali උත්සවය දවසේ පැළඳගෙන සිටි, අල් කුර්ආනයේ ආගමික පාඨයක් කැටයම් කළ වසර 200ක් පමණ පැරණි රාජකීය පෙන්ඩනයක් පිළිබඳව මේ වෙද්දී ඉන්දියාවේ නීතිමය කතාබහක් මතුවී තබේ.Kareena සහ ඇගේ විලාසිතා ශිල්පිනී Rhea Kapoor වෙත නීතිමය දැනුම්දීමක් යොමු කර තිබෙන්නේ එම ආභරණ ඉදිරිපත් කළ ආකාරයට විරුද්ධව ය.
සාමාන්‍ය විලාසිතා ආභරණයක් නොවන මෙය කැරට් 30ක පමණ විශාල මරකත මැණිකකින් නිර්මාණය කර ඇත .විශේෂත්වය වන්නේ එම පෙන්ඩනයේ ඉස්ලාමීය ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනයේ සඳහන් 'Ayat-ul-Kursi' නමැති පාඨය කැටයම් කර තිබීම වන අතර
මේ ආභරණයට පැරණි රාජකීය පවුල් ඉතිහාසයක් ඇති බවද පැවසේ.එනම්එය වසර 200ක් පමණ පැරණි එකක් බවත්, පැරණි භෝපාල් රාජකීය පවුලේ Begumsලාට අයත්ව තිබූ ආභරණයක් බවත් සඳහන් වෙයි.
Kareena වෙත මෙම ආභරණය ලැබී ඇත්තේ Saif Ali Khan සමඟ විවාහ වීමෙන් පසු ඔහුගේ පවුලේ උරුමයක් ලෙස වන අතර. Kareenaගේ එම Diwali විලාසිතාව සකස් කළ Rhea Kapoor ද සමාජ මාධ්‍ය සටහනකින් මේ රාජකීය උරුමය පිළිබඳ විස්තර කර තිබේ..
මේ වෙද්දී Bhopal ප්‍රදේශයේ කොංග්රස් පක්ෂයේ ජාතික මාධ්‍ය සම්බන්ධීකාරක Abbas Hafeez විසින් මෙම ආභරණය ඡායාරූපවල ඉදිරිපත් කළ ආකාරයට විරෝධය පළ කරමින් නීතිමය දැනුම්දීමක් යොමු කර ඇති අතර එය නොවැම්බර් 11 වැනිදා නිකුත් කර ඇත.
ඔහුගේ මෙම විරෝධය Kareenaගේ ඇඳුම් පැළඳුම් හෝ ආභරණ පැළඳීමේ නිදහස සම්බන්ධයෙන් නොව, ආගමික වශයෙන් පූජනීය ලෙස සැලකෙන පාඨයක් සහිත ආභරණය සමාජ මාධ්‍යයේ ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් වීම විශේෂත්වයක් වන අතර
එම නීතිමය දැනුම්දීමෙන් අදාළ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යයෙන් ඉවත් කරන ලෙසත්, මුස්ලිම් ප්‍රජාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටින ලෙසත් ඉල්ලා තිබේ. මෙම දැනුම්දීම යොමු කර ඇත්තේ තම පෞද්ගලික මැදිහත්වීමක් ලෙස මිස කොංග්රස් පක්ෂය වෙනුවෙන් නොවන බවත් Abbas Hafeez සඳහන් කර ඇත.
New Indian Express වාර්තාවට අනුව Kareena හෝ Rhea මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධ ප්‍රතිචාරයක් දක්වා නැත.මෙය නීතිමය දැනුම්දීමක් පමණක් වන අතර, ඒ හරහා Kareena වරදකාරියක් බවට අධිකරණ තීන්දුවක් ලබාදී නොමැති අතර
එක් රාජකීය පවුල් උරුමයක් වූ ආභරණයක් මේ වෙද්දී ඉන්දියාවේ ප්‍රබල මාතෘකාවක් වී ඇත .
