මොන සෙල්ලම් දැම්මත් ජීවිතය හරි අවිනිශ්චිතයි....

  • 16-11-2026

ඔයාට මතකද ක්ලැරන්ස් චිත්‍රපටයේ හිටපු නළුවා.ඒ කාලේ කවුද මේ හැන්ඩියා  කියලා හැමෝම හොයපු නළුවා.එයා තමයි දමිත් විජයතුංග.සමහර වෙලාවට පිටින් පේන මනුස්සයා නෙමේ ඇතුළේ ඉන්නෙ කියලත් හිතෙන තැන් තියෙනවා.දමිත් මේ කතා කරන්නේ ජීවිතය ගැන....


මම බොහෝ වෙලාවට මානසික නිදහස සොයන කෙනෙක් .පුංචි විවේකයක් හෝ ලැබුණාම පාඩුවේ  පැත්තකට වෙලා ඉන්න තමයි කැමති. සමහර අය ඒ විදිහට ඉන්නෙ නැතුව  වැඩසටහන්වලට ,
ප්‍රියසාදවලට දායක වෙන්න ආස ඇති .ඒ එක එක් කෙනාගේ කැමැත්ත .ඒ ස්වභාවයට අකමැති සුළු පිරිසකුත් ඇති. ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. ඒත් පෞද්ගලිකව මම මානසික නිදහස හොයන කෙනෙක්.  ඒ විදියට එහෙම කරන්නෙම මගේ මානසික සුවය වෙනුවෙන්මයි .ජීවිතය කියන්නේ මොනතරම් නම් අවිනිශ්චිත දෙයක් ද  කියන යථාර්ථය ගැන මම හිතනවා. සුළු දෙයක් ඇති නැගිටින්න ජයග්‍රහණය කරන්න වගේම වැටෙන්න .මගේ ජීවිතේ මේ දක්වා ගලා ආවෙම හැලහැප්පීම් සහ වැටීම් එක්ක. තනියම මේ ගමනෙදි කඩා වැටීම් සහ නැගිටීම් තියෙනවා. ජීවිතය ගලා යන්නෙම  අවිනිශ්චිත නොපෙනෙන ස්වභාවයක් එක්කයි. ඒ නිසා ඒ යථාර්ථය තේරුම්ගෙන තමයි මේ ජීවිත ගමන අපට ගෙවන්න වෙන්නේ. ගඟක් වගේ ඒ හැල හැප්පීම් එක්ක ගලන ජීවිතය සුන්දරයි. හැබැයි අපි මේ සෙල්ලම් ඔක්කොම කරන්නේ මේ අවිනිශ්චිත ජීවිතය එක්කයි.