'28' දැන් තිරගතවෙයි


මෙරට ප්‍රමුඛ නිර්මාණවේදියෙකු වන ප්‍රසන්න ජයකොඩිගේ තෙවන සිනමා නිර්මාණය වන %28^ජුනි 02 වැනිදා සිට ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබේ. 28 ලොව ප්‍රමුඛ සිනමා උලෙළ ද්විත්වයකින්ම සුවිශේෂී ඇගයීමට ලක්වූ නිර්මාණයකි. ඒ රොටර්ඩැම් NETPAC සම්මානය හා Bled film festival bled – slovenia හි විශේෂ ජූරි සම්මානයයි. ලෝකයේ පැවැත්ම යනු සත්ත්ව හා ශාකයන්ගේ පැවැත්මයි. සංසර්ගය, නැතහොත් සංසේචනය හේතුකොට ගෙන විශ්ව පරිණාමය සිදුවෙමින් පවතී.

ලිංගිකත්වය නැමති අතිශය ස්වාභාවික කාරණාව සංස්කෘතිකව කුණුහරුපයක් කරගත්තා වූ වත්මන් ලාංකික ජන සමාජය තුළ ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර දිනපතා සිදුවන සුලභ පුවතක් වීමේ ඛේදවාචකය පිළිබඳව විමසා බැලීම සිදුකෙරේ.

 

'28' නිෂ්පාදන කණ්ඩායම

 

තිර රචනය/අධ්‍යක්ෂණය

  • ප්‍රසන්න ජයකොඩි

නිෂ්පාදනය

  • ස්කයි එන්ටර්ටේනර්ස් පෞද්ගලික සමාගම ෆිල්ම් ගරාජ්,කොග්නට්වි ඊගල්, ෆිල්ම් ඉක්යුප්මන්ට් ගැලරි (එෆ්.ඊ.ජී)

කැමරා අධ්‍යක්ෂණය

  • චන්දන ජයසිංහ

සංස්කරණය/ශබ්ද සැලසුම්කරණය

  • රංගන සිංහාරගේ

විධායක නිෂ්පාදනය

  • රසිත ජිනසේන

කතා මූලාශ්‍රය

  • සිසිරි තඩිකාර

සංගීතය

  • දේශක බමුණුමුල්ල

කලා අධ්‍යක්ෂණය

  • නුවන් සනුරංඛ

නිෂ්පාදන අධීක්ෂණය

  • නිශාන්ත පද්මකුමාර

රේඛීය නිෂ්පාදනය

  • සුමුදු වෙල්ලාලගේ

සහය අධ්‍යක්ෂණය

  • චමින්ද පෙරේරා

අංග රචනය

  • නාරද තොටගමුව

වර්ණ සංයෝජනය හා ඩිජිටල් අන්තර් තාක්ෂණය

  • දිනිඳු ජාගොඩ

ශබ්ද සංයෝජනය

  • අරුණ ප්‍රියන්ත කළුආරච්චි

රංගන ශිල්පීන් හා ශිල්පිනියන්

  • අබසිරි  මහේන්ද්‍ර පෙරේරා
  • සුද්දී - සේමිණී ඉද්දමල්ගොඩ
  • ලෙනින් - සරත් කොතාවල
  • මනී - රුක්මාල් නිරෝෂ්
  • උක්කුබණ්ඩා - දයා තෙන්නකෝන්