Baywatch දැන් තිරගත වේ


Introduction

ජනප්‍රිය රූපවාහිනි කතා මාලාවක් වූ "Baywatch" ඇසුරින් නිෂ්පාදනය වන "Baywatch" චිත්‍රපටය ආසියාවටද නෑකම් කියන්නෙකි. ඒ, මෙහි ප්‍රධාන චරිතයක් සඳහා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා දායක වීම නිසාවෙනි. කෙසේ වෙතත් ජනප්‍රිය ක්‍රියාදාම නළු ඩ්වේන් ජොන්සන්, සැක් එෆ්රොන් රඟන %Baywatch^ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ සෙත් ගෝර්ඩ්න් විසිනි. ජේ.ෂෙරික්, ඩේවිඩ් රොන්, තෝමස් ලෙනොන් සහ රොබට් බෙන් ගැරන්ට් විසින් මෙම කතාව ලියා ඇති අතර, තිර රචනය ඩේමියන් ෂැනොන් සහ මාක් ස්විෆ්ට්ගෙනි. ඒ අනුව "Paramount Pictures", "Contrafilm", "The Montecito Picture Company", "Vinson Pictures", "Seven Bucks Productions", "Flynn Company" සහ "Cold Spring Pictures" යන චිත්‍රපට සමාගම් දායක වූ මෙම චිත්‍රපටය මැයි මස 25 වැනිදා නිකුත් වූවකි. එහෙත් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගිය 13 වැනිදා ඇමෙරිකාවේ මියාමිහිදීද පැවැත්විණ. හාස්‍ය ශානරයේ චිත්‍රපටයක් වන %Baywatch^ චිත්‍රපටය, ඉවාන් රෙයිට්මන්, මයිකල් බර්ක්, ඩග්ලස් ෂෙවැට්ස්, ග්‍රෙගරි ජේ.බොනැන් සහ බියු ෆ්ලයින් නිෂ්පාදනය කරන ලද්දකි. එබැවින් මෙවර සටහන %Baywatch^ චිත්‍රපටය සම්බන්ධයෙනි.‍

 

Story

මෙහි කතාව දිව යන්නේ අභ්‍යන්තර ජීවිතාරක්ෂාව උදෙසා ජීවිතාරක්ෂාවටම කැපවූ මිච් බුචනන් සිය කණ්ඩායම සමග එක්ව අනාගතයේ ඇති විය හැකි සාපරාධී අපරාධයක් වෙනුවෙන් යෙදෙන සටනක් පාදක කර ගනිමිනි.

 

Cast

මිච් බුචනන් ලෙසින් ඩ්වේන් ජොන්සන්ද, මැට් බ්‍රොඩි ලෙසින් ‍‍සැක් එෆ්රොන්ද, වික්ටෝරියා ලීඩ්ස් ලෙසින් ප්‍රියංකා චොප්රාද, සමර් ක්වින් ලෙසින් ඇලෙක්සැන්ඩ්‍රා ඩඩාරියෝ ‍මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

 

Production

2012 වසරේ පූර්ව නිෂ්පාදන කටයුතු ඇරැඹි මෙම චිත්‍රපටයේ සියලුම නළුවරණ කටයුතු පසුගිය වසරේ මාර්තු මස වනවිට නිමා වූ අතර, ප්‍රියංකා චොප්රා මීට තම සහභාගිත්වය ස්ථිර කළේ පසුගිය වසරේ පෙබරවාරි මස 17 වැනිදාය. කෙසේ වෙතත් 2012 වසර වනවිට මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව සිටියේ %Reno 911^ චිත්‍රපටයේ රඟපෑ රොබට් බෙන් ගැරන්ට්ය.

 

Shooting

පසුගිය වසරේ පෙබරවාරි මස 22දා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඩියර්ෆීල්ඩ් වෙරළෙන් මෙහි රූගතකිරීම් ඇරැඹුණු අතර, පසුව ෆ්ලොරිඩාහි බ්‍රොවාර්ඩ් කවුන්ටිහි මෙම රූගතකිරීම් පැවැතුණි. ෆ්ලොරිඩාහි මැලිබුහිද මෙහි රූගතකිරීම් සිදුවිණ. එසේම මියාමි, ටයිබි දූපත්, ජෝර්ජියා, සැවානාහිද මෙහි රූගතකිරීම් සිදුවිණ.

 

Release

"Baywatch" චිත්‍රපටය පළමුව තිරගත කිරීමට නියමිතව තිබුණේ මැයි මස 19 වැනිදා වුවද, එය %Terminator Genisys^ චිත්‍රපටයේ දෙවැනි කොටස හේතුවෙන් කල්දැමිණ.

 

Critics

දැනටම චිත්‍රපටය දැඩි විවේචනයකට ලක් වී ඇති අතර, රෝලින්ග් ස්ටෝන් චිත්‍රපටයේ පීටර් ට්‍රැවර්ස් පවසන්නේ මෙය හොඳ සිනමාපටයක් නොවන බවය.

 

Box Office

චිත්‍රපටය මේ වනවිටත් ඇ.ඩො.මිලියන 28.5ක ආදායමක් උපයාගෙන ඇති අතර, චිත්‍රපටය දරා ඇති මුළු පිරිවැය ඇ.ඩො. මිලියන 69කි. ඒ අනුව චිත්‍රපටය සමගින් මේ වනවිට තරග කරන්නේ %Pirates of the Caribbean: Dead Men Tell No Tales^ සහ %Guardians of the Galaxy Vol.2^ යන චිත්‍රපටය. ඒ අනුව මෙම චිත්‍රපටය බොක්ස්ඔෆිස් වාර්තාවලට අනුව මේ සතියේ වැඩිම බොක්ස්ඔෆිස් ආදායමක් ඉපයූ චිත්‍රපට අතර 3 වැනි ස්ථානයේ පසුවෙයි.

 

Sequel

චිත්‍රපටය නිකුත් වීමත් සමගම මෙහි සම නිෂ්පාදක බියු ෆ්ලයින් මෙහි දෙවැන්නක් නිර්මාණයක් කිරීම සඳහා ජොන්සන්, එෆ්රොන් සහ තිර රචක ඩේමියන් ෂැනොන් සහ මාක් ස්විෆ්ට් සමගින් කතිකා කරගෙන ඇත. එහෙත් මෙය තවමත් පවතින්නේ සාකච්ඡා මට්ටමේය.

 

මාලන් විදානපතිරණ