එමා වොට්සන්ගේ පෙමක් ගැන කියැවෙන 'Beauty and the Beast'


මේ දිනවල හොලිවුඩයේ මෙන්ම බොහෝ වෙබ් අඩවිවල මාතෘකාව වී ඇත්තේ එමා වෝට්සන්ගේ නවතම ප්‍රේමය පිළිබඳවය. නමුත්, එය සත්‍ය ප්‍රේමයක් නොවන බව දැන් බොහෝ දෙනා දන්නා කරුණකි. ඒ ඇයගේ නවතම චිත්‍රපටය වන ‘Beauty and the Beast’ චිත්‍රපටයය. ‘ඩිස්නි’ සමාගම යනු සුරංගනා කතා නිර්මාණය කරනු ලබන මූලික චිත්‍රපට කර්මාන්තයකි. මොවුන් විසින් සිදුකරනු ලබන කතා බොහෝමයක් චිත්‍රකතා ඇසුරෙන් නිර්මාණය වී තිබේ. ‘Beauty and the Beast’ චිත්‍රපටයත් එවැනි සුරංගනා කතා ඇසුරෙන් නිර්මාණය වන්නකි. නමුත් මෙය පැරැණි චිත්‍රපටයක් ඇසුරෙන් නැවත නිෂ්පාදනය වන්නකි. ඒ 1991 වර්ෂයේදී නිෂ්පාදනය වූ ‘Beauty and the Beast’ නම් චිත්‍රපටයේ නැවත ආක්‍රමණය බවද බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම පිළිබඳව ‘ඩිස්නි’ සමාගම තීරණය කර ඇත්තේ 2011 වර්ෂයේදීය. නමුත් මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම ආරම්භ කරනු ලැබූවේ 2014 වර්ෂයේදීය. මෙම නැවත ප්‍රතිනිර්මාණය කරනු ලබන චිත්‍රපටයකි. ‘ඩිස්නි’ සමාගම විසින් බොහෝ විට සිදුකරනු ලබන්නේ පැරැණි චිත්‍රපටයක් නැවත නව තාක්ෂණික අන්දමින් නිර්මාණය කිරීමය. ඒ අතරින් ‘Snow White and the Huntsman’ චිත්‍රපටයත් හොඳම උදාහරණ චිත්‍රපටයකි. ‘Frozen’ චිත්‍රපටය සඳහා යොදාගත් තාක්ෂණය නැවත උපයෝගි කරගත් චිත්‍රපටයකි. ‘Frozen’ චිත්‍රපටය මෙන්ම සංගීතමය උපයෝගිතා මෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙනු ඇති බවද සඳහන් වෙයි.

2015 වර්ෂයේදී මෙහි ප්‍රධාන චරිතය සඳහා එමා වොට්සන්ව තෝරාගන්නා බවට ප්‍රසිද්ධ කරනු ලැබීය. ඉන්පසු ඊට මාස දෙකකට පසුව මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරනු ලැබීය. 2014 වර්ෂයේදී මෙහි කටයුතු ආරම්භ කරනු ලැබූවත්, මෙහි රූගත කිරීම ආරම්භ කරනු ලැබූවේ 2015 වර්ෂයේදීය. 2014 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වාම මෙම ඩිස්නි සමාගම විසින් සිදුකරනු ලැබූවේ මෙහි තාක්ෂණික මට්ටමේ නිර්මාණ ප්‍රතිනිර්මාණ කිරීමය.

‘Snow White and the Huntsman’ චිත්‍රපටය සඳහා මෙහි පැරැණි චිත්‍රපටයේ කිසිදු සංගීත කණ්ඩයක් භාවිත නොකරයි. ප්‍රසිද්ධ සංගීතඥයෙකු වන හෝවර්ඩ් අශ්මන් විසින් මෙම චිත්‍රපටය සඳහා නවතම ගීත 04ක් නිර්මාණය කරනු ලැබීය. ඊට අමතරව මෙහි තේමා ගීතය ගායනා කරනු ලබන්නේ අරයානා ග්‍රැන්ඩේ සහ ජෝන් ලෙජන්ඩ් විසිනි. මෙහි ඇති ගීත එළිදක්වනු ලැබූවේ 2017 වර්ෂයේ ජනවාරි මාසයේදීය.

2016 වර්ෂයේ මැයි මාසයේදී මෙහි එළිදැක්වන දිනය ප්‍රකාශ කරන ලදී. ඉන්පසු එහි ප්‍රචාරයක පටය එළිදැක්වීමෙන් අනතුරුව පැය 24ක වැනි කාලයක් තුළ යූටියුබ් ජාලයේ නැරඹුම් ප්‍රමාණය මිලියන 91.8ක් වාර්තාවක් පිහිටුවාලීමට හැකියාව ලැබිණි. මෙහිදී ‘ඩිස්නි’ සමාගම විසින් සිදුකරනු ලැබූවේ එමා වොට්සන්ගේ අලුත් පෙමක් පිළිබඳව අසත්‍ය පුවත් මැවීමකි. එහිදී ඔවුන් විසින් රූගත කිරීමේදී ලබාගන්නා ඇතැම් ඡායාරූප අන්තර්ජාලයට එක්කරන ලදී. 2016 ජූලි මාසයේදී මෙම චිත්‍රපටයේ පෝස්ටරය නිකුත් කර ලදී. අවසානය වශයෙන් මෙම චිත්‍රපයේ අවසන් ප්‍රචාරක පටය එළිදක්වන ලැබූවේ 2017 ජනවාරි 30 වැනිදාය. මෙහි අධ්‍යක්ෂක වරයා වන බිල් කොන්ඩන්ව බොහෝ දෙනා දැන හැඳිනගනු ලබන්නේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ට්විලයිට් චිත්‍රපට නිසාවෙනි. මෙම වසරේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන එකම චිත්‍රපටය මෙය වනු ඇත.

ඇමෙරිකානු ඩොලර් මිලියන 160ක වියදමක් දරා නිර්මාණය කරනු ලබන මෙම චිත්‍රපටය ආදායම් වාර්තා බිමහෙලීමට සමත් වේවිද යන්න මේ වනවිට බොහෝ දෙනාගේ මතය වී තිබේ. නමුත් චිත්‍රපට විචාරකයන් සඳහන් කරන්නේ මෙම වසරේ එළිදැක්වීම නියමිත චිත්‍රපට අතරින් නවමු චිත්‍රපටයක් හේතුවෙන් මෙම චිත්‍රපටය වාර්තා අතරට පත්වන බවය.