'බන්ධනය' දැන් තිරගත වෙයි


උදයකාන්ත වර්ණසූරිය විසින් නිර්මාණය කරන ලද "බන්ධනය" චිත්‍රපටය පසුගියදා 07දා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ත්‍රිමාණ තාක්ෂණ ප්‍රක්ෂේපණ පහසුකම් සහිත සිනමා ශාලාවල එම තාක්‍ෂණයට නිර්මාණය කළ පිටපත් යොදාගෙන ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

සිනමා එන්ටර්ටේට්මන්ට් සමාගම (CEL) මෙම චිත්‍රපටයේ බෙදාහැරීම සිදුකරයි.

"මැණික්හාමි හා ඩිංගිරාළ යනු ඥාති සොහොයුරන් දෙපළකි. ඩිංගිරාල යනු මැණික් හාමිගේ බාප්පාගේ පුතාය. පිය පක්ෂයේ දේපොළ පිළිබඳ ආරවුලක මෙම දෙපවුලම දීර්ඝ කාලයක සිට පැටළී සිටිති.

මෙම අඬදබර, අරවුල් උත්සන්න වූ මොහොතක මැණික්හාමි විසින් පිල්ලියක් යවා ඩිංගිරාලව මරණයට පත්කරවයි. මේ නිසා දෙපිරිස අතර වෛරය තවත් වැඩි වේ. තවත් දිනයක ඩිංගිරාලගේ දියණියගේ (පියසීලි) දියණිය වන (සුමනා) සර්පයෙකු දෂ්ට කිරීමෙන් ප්‍රතිකාර සඳහා ගෙන යන්නේ එම ගමේ දක්ෂතම සර්ප වෙදැදුරු වන මැණික්හාමි වෙතය. ඔහු සර්ප විසෙන් සුමනාව සුවපත් කරවන නමුත්, ඩිංගිරාලගේ පවුලේ පිරිසගෙන් පළිගැනීම සඳහා ඇයට යක්ෂ බන්ධනයක් සිදුකරයි.

අවසානයේ බලාපොරොත්තු නොවූ මොහොතක මෙම යක්ෂයා බන්ධනය කඩාගෙන එළියට පැමිණ දැඩි විනාශයක් කිරීමට මුලපුරයි."

සිරිල් වික්‍රමගේ, හේමාල් රණසිංහ, සුවිනීතා වීරසිංහ, දුලානි අනුරාධා, සහේලි සතරසිංහ, නිල්මිණි තෙන්නකෝන්, රවීන්ද්‍ර යසස්, ප්‍රියංකර රත්නායක, ලියෝනි කොතලාවල, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, සුදම් කටුකිතුලේ, උදයකුමාරි රණසිංහ, ආරියසේන ගමගේ, රන්ජිත් සිල්වා, කුමාර වඳුරැස්ස, නන්ද වික්‍ර මගේ, ජයතිස්ස අතුලසිරි, සෝමසිරි කොළඹගේ, රන්ජිත් රූබසිංහ, සුනෙත් මැල්සිරිපුර, ජානක හාල්පන්දෙණිය, අසංක දේවමිත්‍ර පෙරේරා, නිමාශා ද සිල්වා

බන්ධනය කණ්ඩායම 

 

කතාව, දෙබස්, තිරනාටකය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය

  • උදයකාන්ත වර්ණසූරිය

කැමරා අධ්‍යක්ෂණය

  • කේ.ඩී. දයානන්ද

සංස්කරණය හා ශබ්ද මිශ්‍රණය

  • ප්‍රවීන් ජයරත්න

සංගීතය

  • නදුන් රත්නායක

වේශ නිරූපණය

  • ජයන්තා රණවක

කලා අධ්‍යක්ෂණය

  • අරුණ ඩයස්

සහාය අධ්‍යක්ෂණය

  • ඩොනල්ඩ් ජයන්ත

නිෂ්පාදන කළමනාකරණය

  • අශෝක ආරියරත්න

ඇඳුම් නිර්මාණය

  • ශාන්ති වර්ණසූරිය