මෝටර් බයිසිකල් එළිදකී


ජාතික සහ ජාත්‍යන්තර සම්මාන කිහිපයකින් පිදුම් ලැබූ 'මෝටර් බයිසිකල්' චිත්‍රපටය 26 දා සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරිණ. එහි මංගල දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී නළු නිළියන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. මෙහි රචනය සහ අධ්‍යක්ෂණය ශමීර රංගන නාඔටුන්න විසින් සිදු කරනු ලැබූ අතර, මෙහි රංගනයෙන් දසුන් පතිරණ, සමනලී ෆොන්සේකා, විණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර තිරිමාදුර රංගන දායකත්වය ලබා දෙනු ලබයි. දිවයින පුරා සිනමාහල් 40කට වැඩිප්‍රමාණයක මෙම චිත්‍රපටය තිරගතවෙනු ඇත.