Guardians of the Galaxy Vol. 2


Introduction

"Guardians of the Galaxy" මාවල් කතා මාලාව ඇසුරින් නිර්මාණය කළ සුපිරි හොලිවුඩ් චිත්‍රපටයක් වන "Guardians of the Galaxy Vol. 2" මේ වසරේ අප්‍රේල් මස 19 වැනිදා තිරගත වීමට නියමිත සිනමාපටයකි. සුපිරි සිනමා අධ්‍යක්ෂක ජේම්ස් ගන් අධ්‍යක්ෂණය කරන ලද නවතම ඇමෙරිකානු සුපිරිවීර චිත්‍රපටයක් වන "Guardians of the Galaxy Vol. 2" අධ්‍යක්ෂ කෙවින් ෆෙයිජ් නිෂ්පාදනය කරන ලද්දකි. ජේම්ස් ගන්ගේම තිර පිටපතකට අනුව රචනා වූ චිත්‍රපටයක් වන මෙය මාවල් ස්ටුඩියෝස් චිත්‍රපට සමාගමේ නිපැයුමක් ලෙස නිකුත්වෙයි. මේ ඒ පිළිබඳව තැබෙන සටහනකි.

 

Story

මෙවර "Guardians of the Galaxy" කණ්ඩායම නව පවුලක් ලෙසින් ඉදිරියට ගමන් කරන නමුත්, කටුක අත්දැකීම් ගණනාවකට මුහුණදෙන අතර, පීටර් කුයිල් තම නියම කුල පරම්පරාව පිළිබඳ ලබන හැදෑරීම වටා සමස්ත කතාවම ගලා යයි.

 

Cast

  • පීටර් ක්විල්- ක්‍රිස් ප්‍රැට්
  • ක්‍රැග්ලින් -ෂෝන් ගන්
  • අයේෂා- එලිසබැත් ඩෙබිස්කි
  • නෝවා කෝප්ස්හි සාමාජික -සිල්වෙස්ටර් ස්ටැලෝන්
  • ගැමෝරා - සූ සැල්ඩානා
  • බේබි ගෘට් - වින් ඩීසල්
  • රොකට්- බ්‍රෑඩ්ලි කූපර්
  • ඩ්‍රැක්ස් ද ඩිස්ට්‍රෝයිර් - ඩේව් බවුටිස්ටා
  • යොන්දු උදොන්තා- මයිකල් රූකර්

 

Production

'D Guardians of the Galaxy Vol. 2' ‍ලෙසින් චිත්‍රපටය නිර්මාණය කිරීමේ අදහස 2014 වසරේ මැයි මස වනවිට වෝල්ට් ඩිස්නි සමාගමේ විධායක බොබ් ඉගර් සමග සාකච්ඡා මට්ටමේ පැවැතුණු අතර, 2014 වසරේ ජූලි මස මෙහි මුල් චිත්‍රපටයේ තිර රචකයා වන නිකොල් කර්ල්මන් තහවුරු කළේය. එහෙත් මෙහි තිර පිටපත ලිවීම පසුව අධ්‍යක්ෂ ගන් බාර ගත් අතර, ඒ ඔහුට සිනමා කෘතිය සම්බන්ධයෙන් නිර්මාණය කිරිමට අදහස් රැසක් තිබෙන බව ඔහු පූර්ව නිෂ්පාදන අවධියේදී පැවසීම හේතුවෙනි. මේ අනුව පසුගිය වසරේ පෙබරවාරි මස 11 වැනිදා ජෝර්ජියාවේ පින්වුඩ් චිත්‍රාගාරයේදී රූගතකිරීම් ඇරඹුණු අතර, සිනමා කැමරාකරුවා ලෙස හෙන්රි බ්‍රැහැම් තෝරාගත් අතර නිෂ්පාදන සැලසුම්කරුවා ලෙස ස්කොට් චැම්බ්ලිස් කටයුතු කළේය. එහෙත් මීට පෙර අධ්‍යක්ෂ ගන්ගේ බොහෝ චිත්‍රපටවල කටයුතු කළ සිනමා කැමරාකරුවා බෙන් ඩේවිස් වීමත්, නිෂ්පාදන සැලසුම්කරුවා ලෙස චාල්ස් වුඩ් කටයුතු කිරීමත් කැපී පෙනෙයි. මෙහි සංගීතය පිළිබඳ 2014 වසරේ අගෝස්තු මස සිට සාකච්ඡා මට්ටමේ පැවැති අතර, 2015 වසරේ අගෝස්තු මස ටයිලර් බේට්ස් මෙහි සංගීත සංරචන ශිල්පියා ලෙස නැවතත් පැමිණෙන්නේ මේ අනුවය. එහෙත් මෙහි සංගීත පටිගත කිරීම් කටයුතු සිදුවූයේ ඇබී රෝඩ් චිත්‍රාගාරයේ ජනවාරි මස වීම කැපී පෙනෙයි.

 

Release

චිත්‍රපටය අප්‍රේල් මස 28 වැනිදා අයර්ලන්තයේ සහ එංගලන්තයේ තිරගත කිරීම ආරම්භ කර, ලෝ පුරා තිරගත වීමට නියමිතව තිබුණු නමුත්, මෙහි මංගල දර්ශනය හොලිවුඩ්හිදී අප්‍රේල් මස 19 වැනිදා තිරගත කිරීමට නියමිතය. එසේම මැයි මස 05 වැනිදා උතුරු ඇමෙරිකාවේදීද මෙහි තවත් නිකුත්වක් සිදුකිරීමට නියමිතය. එසේම ජූලි මස 28 වැනිදා මෙහි ත්‍රිමාණ පිටපතද නිකුත් කිරීමට චිත්‍රපට නිෂ්පාදකයන් සහ බෙදාහරින්නන් කටයුතු යොදා තිබේ. චිත්‍රපටය පළමු සතියේදී ඇ.ඩො. මිලියන 160ක ආදායමක් අත්පත් කර ගනු ඇතැයි දැනටමත් විශ්වාසය පළ වන අතර, ඇ.ඩො. මිලියන 400ක ආදායමක් උපයා ගැනීම නිෂ්පාදකවරුන්ගේ අරමුණ වී තිබේ.