The Fate of the Furious


Introduction

Fast 'Fast Furious' චිත්‍රපට මාලාවේ අටවැන්න වන 'the Fate of the Furious', අප්‍රේල් 17 වැනිදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතය. සුපිරි හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ගැරී ග්‍රේ අධ්‍යක්ෂණය කරන ලද නවතම ඇමෙරිකානු ක්‍රියාදාම චිත්‍රපටයක් වන 'The Fate of the Furious' නීල් එච්.මොරිට්ස්, වින් ඩීසල් සහ මයිකල් ෆොට්‍රෙල්ගේ නිෂ්පාදනයකි. ක්‍රිස් මෝගන්ගේ තිර පිටපතකට අනුව රචනා වූ චිත්‍රපටයක් වන මෙහි නිපැයුම සැලකෙන්නේ හදිසි අනතුරකින් මිය ගිය පෝල් වෝකර් නොමැති මෙම චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය ලෙසය. මේ ඒ පිළිබඳව තබන සටහනකි.

 

Story

මෙහි කතාව අද්භූත තරුණියක් වටා ගෙතෙන අතර, ඩොම් සහ ලෙටීගේ මධුසමයද, මියාගේ විශ්‍රාම ගැනීමද, ඩොම් අපරාධ ලෝකයට එකතුවීමද පාදක කර ගත්තකි.

 

Cast

  • හොබ්ස් - ඩ්වෙන් ජොන්සන්
  • සිපර් - චාලිස් තෙරන්
  • ස්කොට් ඊස්ට්වුඩ්
  • ඩොමිනික්- වින් ඩීසල්
  • ඩෙකාර්ඩ් ෂෝ-ජේසන් ස්ටේතම්
  • ලෙටී- මිචෙලි රොඩ්රිගෝස්

 

Production

"Furious 7" චිත්‍රපටයෙන් අනතුරුව වින් ඩීසල් මෙහි අටවැන්නක් පිළිබඳ සඳහන් කළ අතර, "The Fate of the Furious" ‍ලෙසින් චිත්‍රපටය නිර්මාණය වන්නේ මේ අනුවය. ඒ පෝල් වෝකර් ජීවත්ව සිටින සමයේ තමාට මෙහි අටවැන්නක් පිළිබඳ ඉඟි ලබා දුන් බව වින් ඩීසල් මාධ්‍යයට පැවසූ බැවිනි. මේ අනුව කර්ට් රසල් මෙහි නව චරිතයක් ලෙස හඳුනාදෙමින් නිපැයෙන "The Fate of the Furious" මේ වසරේ අප්‍රේල් 14 වැනිදා තිරගත වන බවට 2015 වසරේදීම වින් ඩීසල් පැවසීය. කෙසේ වෙතත් මෙය එකල නම් කිරීමට අදහස් කර තිබුණේ "Fast 8" ලෙසිනි. ඒ අනුව 2015 වසරේ සැප්තැම්බර් මසදී මෙහි තිර නාටකය ලියා අවසන් වූ අතර, පසුගිය වසරේ මැයි මස 14 වැනිදා මෙහි රූගතකිරීම් සිදුවූයේ මින් පසුවය. ඒ අයිස්ලන්තයේයි. මෙහි සිනමා කැමරාකරණය ස්ටීවන් එෆ්.වින්ඩන් සිදු කළේය. එහෙත් රූගතකිරීම් අතරතුර දැඩි සුළඟ හේතුවෙන් පීඩා විඳීමට චිත්‍රපට කණ්ඩායමට සිදුවූ අතර, ඇමෙරිකාවේ හවානා, ඔහියෝ යන ප්‍රදේශවල රූගතකිරීම් සිදුවූයේ මින් පසුවය. මෙම චිත්‍රපට මාලාවේ තෙවැනි, සිව්වැනි, පස්වැනි සහ හත්වැනි චිත්‍රපටවල බ්‍රයන් ටයිලර් මෙහි සංගීතය නිර්මාණය කළ අතර, අප්‍රේල් 14 වැනිදාම මෙහි චිත්‍රපටය නිකුත් වීමට සමගාමීව සංගීත ඇල්බමයද නිකුත් කිරීමට නියමිතය.

 

Release

චිත්‍රපටයේ මංගල ප්‍රදර්ශනය බර්ලින් නුවරදී අප්‍රේල් මස 04 වැනිදා සිදු වූ අතර, එය ද්විමාණ, ත්‍රිමාණ සහ IMAX ත්‍රිමාණ පිටපත් ලෙසින් අප්‍රේල් 14 මස සිට ලෝ පුරා තිරගත වීමට නියමිතය. මේ අනුව චිත්‍රපට නිෂ්පාදකවරුන් "The Fate of the Furious" පිළිබඳ විශාල බලාපොරොත්තු තබාගෙන ඇති අතර, පළමු සතියේදීම ඇමෙරිකාවෙන් සහ කැනඩාවෙන් ඇ.ඩො.මිලියන 110-120ක ආදායමක් බලාපොරොත්තු වෙමින් නිකුත් කිරීමට සැලසුම් කර තිබේ.