Underworld Blood Wars


2017 වර්ෂය ආරම්භ වීමත් සමග හොලිවුඩ් සිනමා ලෝලීන් පුළුපුලා බලා සිටි චිත්‍රපටය පිළිබඳව අද කතා බහ කිරීමට මුල පිරීමට සිතුවා. ඒ ජනවාරි මාසයේ 06 වැනිදාට එලිදැක්වීමට නියමිත Underworld Blood Wars චිත්‍රපටයයි. 2012 වර්ෂයේදී එළිදැක්වූ Underworld: Awakening චිත්‍රපට දෙවැනි කොටස ලෙස නිර්මාණය වුණි. Kevin Grevioux  විසින් රචිත ග්‍රන්ථයක් ඇසුරෙන් නිර්මාණය වූ මෙම Underworld: Awakening චිත්‍රපටය 2012 වර්ෂයේදී ආදායම් ලබමින් තිරගත වූ චිත්‍රපටයක් විය. මිලියන 160ක ආදායමක් ලබා ආදායම් අතින් ඉහළ චිත්‍රපටයක් ලෙසද ප්‍රසිද්ධියට පත්විය. ප්‍රධාන නිළිය වූ Kate Beckinsale 2012 වර්ෂයේදී තිරගත වූ චිත්‍රපටයේ මෙන්ම 2017 වර්ෂයේදී තිරගත වීමට නියමිත Underworld Blood Wars චිත්‍රපටයේද ප්‍රධාන චරිතය සඳහා දායක වන්නේ ඇය විසිනි. මේවනවිට වයස අවුරුදු 43 වියේ පසුවන ඇය මෙහි ප්‍රධාන චරිතය සඳහා දායක වීමෙන් හොලිවුඩ් විචාරකයන් මවිතයට පත්කරමින් තිබේ.

Underworld Blood Wars චිත්‍රපටය වෙනස්ම කතාතේමාවක් යටතේ නිර්මාණය වූවකි. හොලිවුඩයේ බොහෝ සෙයින් චිත්‍රපට නිර්මාණ වන්නේ තාත්වික ලෝකයෙන් බැහැරවය. එම නිසා Underworld Blood Wars චිත්‍රපටයත් තාත්වික ලෝකයේ ඔබ්බට නිර්මාණය වූ චිත්‍රපටයක් කිව හැකිය. Anna Foerster විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ලෙස 05 දෙනෙකු දායක වී තිබේ. ඇමෙරිකානු බීභත්ස්‍යය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙම චිත්‍රපටය පිසාචයන්ගේ මරණය පිළිබඳව කියැවෙන්නකි.

තාත්වික නොවූ සිනමා නිර්මාණයන් තුළ ජීවිතයේ නොසිතනා කතාරාමුවක් තුළ නිර්මාණය වන මෙම චිත්‍රපටය පිළිබඳව බොහෝ අවධානය යොමුවෙලා තිබේ.

20170119Blood-12017 වර්ෂයේ ජනවාරි මාසයේ එළිදැක්වීමට නියමිතව ඇති චිත්‍රපටය මුල්ම වශයෙන් එළිදැක්වීමට කටයුතු යොදා තිබුණේ 2016 ඔක්තෝම්බර් 21 වැනි දිනය. ඉන්පසු එය කල් දමන බවට ප්‍රකාශ කරනු ලැබූ අතර, 2016 දෙසැම්බර් පළමුවෙනිදා ඔස්ට්‍රේලියාවේ සහ නව සීලන්තයේ පමණක් එළිදැක්විය. ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ තිරගතවෙමින් පවතින මෙම චිත්‍රපටය මේ වනවිට ආදායම් අතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 42.1ක ආදායමක් ලබා තිබේ.

2015 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ මෙම චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබූ අතර, ඔවුන්ට එහි පසුබිම තැනීම සඳහා සති 10ක් ගතවී තිබේ. මෙම චිත්‍රපටය සම්පූර්ණ වශයෙන් නිර්මාණය වන්නේ ත්‍රිමණ තාක්ෂණය ඔස්සේ වන අතර, එහි කටයුතු සඳහා ඔවුන් විසින් ඒ සඳහා අවශ්‍ය නිෂ්පාදන සමාගම් දෙකක සහයෝගය ලා ගෙන තිබෙයි.

2017 වර්ෂයේ එළිදැක්වීමට නියමිත මෙම චිත්‍රපටයේ තෙවැන්නක් නිෂ්පාදනය කිරීම සඳහා අදහසක් ඇති බවට එහි අධ්‍යක්ෂකවරිය වන Anna Foerster සඳහන් කර තිබේ. කෙසේ නමුත් පළමු චිත්‍රපටය මෙන්ම ආදායම් වාර්ථා බිඳ හෙලීමට මෙම චිත්‍රපටයට හැකියාව ඇති බව ඇයගේ අදහසයි.