අනේ මගේ මස්කට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-12-ent-41ෂූටිං ඉවරවෙලා බදුල්ල පැත්තෙන් කොළඹට එන වෑන් රථයක කලාශිල්පීන් ශිල්පිනියන් පස් හය දෙනෙක් හිටියලු.

මඟදී එනගමන් නිළියක් ගෙදරට හොඳම කොලිටියේ මස්කට් කිලෝ දෙකක් ගත්තලු. මඟ එනකොටම කට්ටියට නින්ද ගිහින්.

ඉස්සෙල්ලම බහින්න හිටපු ශිල්පියා බැස්සෙ අර මස්කට් එකත් අරගෙන. අනිත් කට්ටිය නිදි. මස්කට් ගත්තු ශිල්පිනිය ගේ ළඟට ඇවිත් බලද්දී මස්කට් පෙට්ටිය නැහැල්ලු. රියැදුරු කතාව කිව්වලු. ඇය වහාම ඔහුට කතා කළා.

“මොකද්ද ඔය කරපු කැත වැඩේ. මම ගෙදර ගෙනියන්නනේ ඕක ගත්තෙ. හෙට උ‍දෙන්ම අපේ ගෙදරට ඒක ගෙනත් දෙන්න.”

“බහිද්දි ඕක මගේ ඔඩොක්කුවේ තිබුණ නිසයි මම ගත්තෙ. කැත විදිහට කතා කරන්න එපා...”

“හා... හා... එහෙනම් බෝම්බයක් ඔයා ළඟ තිබුණත් ඒක අරන් බහිනවද?”

 

DESHAYA