අම්මටසිරි කෙටවිල්ලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-19-ent-115අද බොහෝ චිත්‍රපටවල රඟපාන නළු නිළියන් ඔවුන්ගේ චරිත නිරූපණය කරද්දී අපිට එකපාරටම තේරෙන දෙයක් තමයි මේගොල්ලො රඟපානවා කියන එක.

එහෙත් හොඳ නළු නිළියො කියන්නෙ ඔවුන්ගේ රඟපෑම රඟපෑමක් කියා පෙනෙන්නෙ නැතුව ඉන්න අයටයි.

ඉස්සර අපේ චිත්‍රපටවල ඒ වගේ නළු නිළියො හිටියා. එක්තරා චිත්‍රපටයක ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සෝනියා දිසාට තවත් ජනප්‍රිය නිළියක් සමඟ තියුණු සටන් දර්ශනයක් තිබුණලු.

දර්ශනය රූපගත කරද්දී හැමෝටම පෙනුණෙ මේ දෙන්නා ඇත්තටම වෛරකාරයෝ වගේ රණ්ඩු වෙන එක. ඒ දර්ශන ගැන අධ්‍යක්ෂවරයා ඉතාමත්ම සතුටු වුණාලු.

ඒත් ඊට පස්සෙ තමයි ඇත්ත සිද්ධිය එළිවෙලා තියෙන්නෙ.

මේ නිළියො දෙන්නව නිෂ්පාදන කණ්ඩායම දවස් ගාණක ඉඳලා කොටවලා තියෙනවලු මේ දර්ශනයට කලින්.

‘ඔයා ගැන නිතරම අපිට කේලම් කියනවා. ඒ වුණාට අපි ගණන් ගත්තෙ නෑ. හෙට අනිද්දා තියෙන ෆයිට් සීන් එකේදී ඔයාට ඇත්තටම ගහන්න තමයි එයා ප්ලෑන් කරගෙන ඉන්නෙ,’ කියලා නිළියො දෙන්නටම කියලා.

කොහොමහරි ඒ උපක්‍රමය හොඳටම වැඩ කරලා, සීන් ටික නියමෙට ආවලු.

ඒ ඉස්සර කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරපු කාලෙ.

 

DESHAYA