අයියේ අපිටත් සික්සර් කනේ පාරක් ගහන්නකෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-11-ent-81මේක ඉතිහාස කතාවක් පදනම් කරගෙන හදපු චිත්‍රපටයක්. නව පරපුරේ තරුණ නළු නිළියන් වගේම ප්‍රවීණ හා ආධුනික නළු නිළියන් රැසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

මේකේ එක්තරා තැනක තියෙනවා තරුණ නළුවකු ආධුනික නළුවකුට කනට පාරක් ගහන දර්ශනයක්. අධ්‍යක්ෂකවරයාගේ උපදෙස් පරිදි රෑගත කරපු ඒ දර්ශනය හොඳටම ආවයි කියලා දැනගත්තේ අධ්‍යක්ෂකවරයා ඒකට දක්වපු ප්‍රතිචාරයෙන්.

‘ෂා නියම කනේ පාර. ෂොට් එක ලස්සනට ආවා. ඒක එසේ මෙසේ කනේ පාරක් නෙවෙයි සික්සර් කනේ පාරක්’. ක්‍රිකට් උන්මාදයෙන් පෙළෙන අධ්‍යක්ෂකවරයා කට්ටියටම දැනෙන්න කිව්වලු.

ඔන්න එදා කට්ටියම රෑ කෑම කන්න එකතු වුණ වෙලාවේ අලුත් නළු නිළියෝ කීපදෙනෙක්ම අර නළුවා ළඟට ගිහින් අහනවලු ‘අයියේ බැරිද අපිටත් ඔය වගේ සික්සර් කනේ පාරක් ගහන්න’ කියලා.

 

DESHAYA