ඇහැක් විදිහට කට අරින්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-03-ent-74ඉස්සර වගේ නෙවෙයි දැන් ලියවෙන ගොඩාක් තිර පිටපත් නළු නිළියන්ට පවා අධ්‍යක්ෂකවරැන්ටත් තේරැම් ගන්නත් අමාරැයි කියලයි බොහෝ වෘත්තීය නළු නිළියෝ කියන්නේ.

නළු නිළියන්ගේ උපරිම දක්ෂතා උකහා ගන්නට අධ්‍යක්ෂකවරැන්ටත් සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා.

ඔන්න ඔය වගේ අපූරැ සිද්ධියක් ළඟදි වුණා කියලා ආරංචියි.

අධ්‍යක්ෂකවරයා ටෙලි නාට්‍යයේ රඟපාන කෙළිලොල් දඟකාර තරැණ රංගන ශිල්පිනියකට ඊළඟ දර්ශනය පැහැදිලි කරලා දෙනවලු.

‘දැන් කොල්ලා පොඩි ළමයෙකුත් අරන් පාර දිගේ එනකොට ඔයා දකිනවා. ඔයා එක පාරටම පුදුම වෙනවා. ඔයාට තියෙන්නේ ඇහැක් විදිහට කට ඇරගෙන කොල්ලා එන දිහා පුදුමෙන් බලං ඉන්න එක.’

අධ්‍යක්ෂකවරයා ඔහොම කියලා දැන් කැමරාව කෙල්ලගේ පැත්තට ෆෝකස් කරනවලු.

‘ඕකේ... ඇක්ෂන්..’

කෙල්ල නෝ හෙල්ලුම්. කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැල්ලු.

‘ඇයි මක්කැයි ඔයාට වෙලා තියෙන්නේ?’ අධ්‍යක්ෂ කෙල්ලගෙන් අහනවා.

‘අනේ මම කොහොමද මගේ ඇහැ විදිහට කට අරින්නේ.. මට මේක තේරෙන්නේ නෑ...’ ඇගේ ඇස්වල කඳුළුත් පිරිලා.

ඒත් දකුණු පළාතේ අධ්‍යක්ෂකගේ භාෂාව මේ කොළඹ කෙලීට නොතේරීම ගැන කට්ටියටම හිනා ගියාලු.

 

DESHAYA