ඔයාම බෙහෙත ලියාගන්නකෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-03-ent-72සාමාන්‍යයෙන් චිත්‍රපටයක් හරි ටෙලි නාට්‍යයක් හරි රෑපගත කරන කාලෙදි ඒකෙ රඟපාන නළු නිළියන් බොහෝවිට දර්ශන තලයේදී හඳුන්වන්නේ ඒ ඒ ශිල්පීන් ශිල්පිනියන් ඒ නිර්මාණයේ රඟපාන චරිත අනුව.

ජනප්‍රිය නිළියක් ඒකේ රඟපාන්නේ ‘මැණිකා’ගේ චරිතය නම් ෂූටිං කාලය ඉවර වෙනකම්ම කණ්ඩායමේ අය ඇයට ‘මැණිකා’ කියලයි ආමන්ත්‍රණය කරන්නේ.

ඔන්න කළුතර පැත්තේ ඒ වගේ ටෙලි නාට්‍යයක් රෑපගත කරමින් තිබුණලු. ඒකේ දොස්තරගේ චරිතය රඟපාන නළුවා හදිසියේ අසනීපවෙලා ළඟම තියෙන පෞද්ගලික රෝහලට ඇතුළත් කළාලු.

දැන් ටෙලි කණ්ඩායමේ හැමෝම අර ශිල්පියාට ඩොක්ටර් කියලලු කතා කළේ. ඔහුව හදිසි අංශයට ඇතුළත් කළාලු. ඔන්න දැන් එයාට මාර සැළකිළිලු. විනාඩි 5න් 5ට දොස්තරලා එනවලු, නර්ස්ලා එනවලු.

පැය දෙක තුනක් ගියාම ලෙඩා සුව අතට පත්වුණාලු.

‘මම ඇන්ටිබයටික් එකක් ලියලා තියෙනවා. ඒක අරගෙන බලන්න. නැත්නම් ඉතින් ඔයා බලලා හොඳ එකක් ගන්නකෝ.’ රෝහලේ දොස්තර නළු දොස්තරට කියනවලු.

‘ඉතින් ඩොක්ටර් ඔයා බෙහෙත ලියලා දෙන්නකෝ.’ ලෙඩ දොස්තර කියනවා.

‘ඇයි ඩොක්ටර් ඔයාම බෙහෙත ලියාගන්නකෝ.’

‘අනේ මම දොස්තර කෙනෙක් නෙවෙයි. මම ඩොක්ටර් හැටියට රඟපානවා විතරයි..’

 

DESHAYA