කනත්තෙ මොකටද වොෂ් රූම්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-05-ent-87පහුගිය දවසක අලුත් චිත්‍රපටයක ෂූටිං තිබුණෙ කොළඹට ආසන්න නගරයක කනත්තක් ඇතුළෙ. පාන්දරම වැඩ පටන්ගන්න තිබුණ නිසා කට්ටියම එළිය වැටෙන්නත් කලින් කනත්තට ආවලු. නළු නිළියො ටික සුදු ඇඳුමින් සැරසිලා, මේක් අප් ටිකත් දාගෙන ඔන්න වැඩේ පටන් ගත්තලු.

ඔය අතරතුර එක් නළුවෙක් පොඩි අසීරුතාවයකින් ඉඳලා තියෙන්නෙ. කොහොමහරි කැමරා කෝණයක් වෙනස් කරන්න කට්ටිය ආම්පන්න ටික සූදානම් කරන අතරතුර මේ නළුවා කනත්ත වටේම එහෙ මෙහෙ යනවලු කලබලෙන්. අන්තිමේදී එයාට කනත්තෙ මුරකරු මුණගැහුණලු.

‘අනේ ලොකු උන්නැහෙ මට වොෂ් රූම් එක තියෙන තැන පොඩ්ඩක් පෙන්නන්නකො.’

‘පිස්සුද මහත්තයො කනත්තෙ කොහෙද වොෂ් රූම්... අනික මෙතන කාටද වොෂ් රූම් අවශ්‍ය වෙන්නෙ...’ මුරකරු කිව්වලු.

 

DESHAYA