කවදද මගේ කෑල්ල යන්නේ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-11-ent-82රඟපාන්න ආස කට්ටිය අපි ඕනතරම් දැකලා තියෙනවනේ. ඒ වෙනුවෙන් ඕනම දෙයක් කැප කරන්න සූදානම් අයත් ඉන්නවා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ රඟපාන්න ලැබෙනවානම් මැරෙන්න වුණත් සූදානම් මැදි වයසේ කොල්ලෙක් ගැන කතාවක්.

අධ්‍යක්ෂකවරුන්ගේ, නිෂ්පාදකවරැන්ගේ පස්සෙන් ගිහින් ගිහින් අන්තිමට එක ටෙලි නාට්‍යකට ඔළුව දාගන්න මෑන්ට වාසනාව පෑදුණාලු. පොඩි කෑල්ලක් වුණත් එයාට තිබුණේ ඒකේ ප්‍රධාන නිළියත් එක්ක සීන් එකක්. කාර් එකෙන් බැහැලා එන නිළියට මෙයාට තියෙන්නේ තැඹිලි ගෙඩියක් කපලා අතට දෙන එක.

දැන් ගෙදර ඇවිත් මෙයාට ඒක යන දවස දැනගන්නකල් ඉවසුමක් නැහැල්ලු.

දවසට දෙතුන් පාරක් ඩිරෙක්ටර්ට කතා කරලා අහනවලු ‘කවද්ද මගේ කෑල්ල යන්නේ?’ කියලා.

අන්තිමේදී යන දවස දැනගත්තම එයාගේ නෑදෑයන්ට, යාළුවන්ට එහෙම දන්වලා ලොකු ප්‍රසිද්ධියක් දුන්නලු.

ඔන්න දැන් කතාව විකාශය වෙනවා. කෙල්ල කාර් එකෙන් බැහැලා ඇවිත් මෙයාගෙන් බොන්න තැඹිලි ගෙඩියක් ඉල්ලනවා. කැමරාවට අහුවෙලා තියෙන්නේ මෙයාගේ පිටපැත්ත. මූණ පේන්නේ නැහැල්ලු. සීන් එක ඉවරයි.

ලජ්ජාවෙන් බේරෙන්න පුළුවන් එකම උපක්‍රමය හැටියට එදායින් පස්සේ ඔහු සතියක් විතර ෆෝන් එක ඕෆ් කරගෙන හිටියලු. දැන් රඟපානවා තියා ටෙලිනාට්‍යයක්වත් බලන්නේ නැහැ කියලයි ආරංචිය.

 

DESHAYA