කුකුල් නළුවට නියම ප්‍රශ්නයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-02-ent-80පහුගිය දවස්වල කොළඹින් ඈත ප්‍රදේශයක ටෙලිනාට්‍යයක් රෑගතවෙමින් තිබුණා.

ඒකෙ ප්‍රධාන නිළි චරිතය රඟපාන්නෙ තරැණ නවක නිළියක්. නළුවා නම් මනමාල චරිතයක් බව ක්ෂේත්‍රයේ කවුරැත් දන්නවා. විශේෂයෙන් තරැණ නවක නිළියො පුළුවන් තරම් අතේ දුරින් තමයි ඔහුව ආශ්‍රය කරන්නෙ.

ඔන්න එදා රෑපගත කරන්න තිබුණෙ නළුවට මැර පිරිසක් විසින් පහරදෙන්නට එන දර්ශනයක්.

කෙල්ලට තියෙන්නෙ ඒ වෙලාවෙ එතනට පැනලා නළුවාව බදාගෙන එයාගෙ ජීවිතේ බේරගන්න එක. අධ්‍යක්ෂකවරයා නළුවටයි නිළියටයි දර්ශනය ගැන විස්තර කරද්දි දෙන්නම ඉතා ඕනෑකමින් ඇහුම්කන් දෙනවා.

“දැන් ප්‍රශ්නයක් නෑනෙ,” අධ්‍යක්ෂකවරයා දෙන්නගෙන්ම ඇහුවලු.

“මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා,” තරුණ නිළිය කිව්වලු.

“මම මේ සීන් එකේ හැටියට මෙයාව බේරගන්නවා. ඒක හරි. ඒත් මේ සීන් එකෙන් පස්සෙ මෙයාගෙන් මාව බේරගන්නෙ කවුද?" ඇය ඇහුවලු.

 

DESHAYA