කොහොමද සෙල්ෆි මොළේ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-02-ent-79

තාරැණ්‍යයේ කතා තේමාවක් රුගත් අලුතින් හදන චිත්‍රපටයක ප්‍රධාන චරිත ටික රඟපාන්නෙ තරැණ නළු නිළි පිරිසක්.

ඒකෙ එක්තරා නළුවෙක් ඒ කණ්ඩායමේ ඉන්න තවත් නිළියක් ගැන හරි උනන්දුවෙන්ලු ඉන්නෙ.

“ඔයා මොනවද කල්පනා කරන්නෙ? ඔයාට බඩගිනිද? ඔළුව කැක්කුමද?” කිය කියා එයා වටේම දැවටි දැවටි ඉන්නවලු. දැන් ඉතින් කට්ටියට වැඩේ නෝණ්ඩි වෙලාලු.

කරකියාගන්න බැරිව ඉන්න ඒ තරැණ ළමයා තාක්ෂණය උපයෝගී කරගෙන අලුත්ම සැලැස්මක් හොයාගෙන තියෙනවලු.

දැන් නිතරම ජංගම දුරකතනය එයාගෙ අතේලු. ෆෝන් එක දිහා බලාගෙනමලු ඉන්නෙ.

පස්සෙ තමයි කට්ටියට වැඩේ මාට්ටුවෙලා තියෙන්නෙ. ෆෝන් එකේ කැමරා එක සෙල්ෆි මෝඩ් එකට දාගෙන ඒකෙන් අර කෙල්ල දිහා බලාගෙන ඉන්නවලු, එයා කරන කියන දේවල් බල බලා.

‘කොහොමද සෙල්ෆි මොළේ’ කියලයි දැන් කට්ටිය එයාට ඇහෙන්න කියන්නෙ.

 

DESHAYA