දෙකක් දාගත්තම ෂාරුක් ඛාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-05-ent-86බෝතලේ නිසා හැදුණු අයට වඩා ඒ නිසා නැත්තටම නැතිවුණු අය වැඩියි කියලා තමයි කවුරුත් කියන්නෙ.

මේ කාරණය කලා ලෝකයට විතරක් නෙවෙයි හැම ක්ෂේත්‍රයකටම අදාළ වෙනවා.

අපි කලා ක්ෂේත්‍රය ගැන විතරක් කතා කළොත් ඔසුපැන් පානය නොකරන කෙනෙක් හොයාගන්න එක කොච්චර අමාරුද? කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔන්න මේ වගේ සිද්ධියක් ළඟදී දර්ශන තලයකින් ආරංචි වුණා.

වැඩේ පටන් ගන්නකොටම දෙකක් දාගන්න ශිල්පියෙකුට අධ්‍යක්ෂකවරයා කාරුණික උපදෙසක් දෙනවලු.

‘ඔයා ඔය දෙකක් දාගන්න කතන්දරේ නැවැත්තුවොත් ඔයාගෙ දක්ෂකමේ හැටියට අර නළුවා (ප්‍රවීණ නළුවෙක්ගෙ නමක්) වගේ තැනකට එන්න පුළුවන්...’

‘අයියෝ දෙකක් නොදා ඒ වගේ නළුවෙක් වෙන්නෙ මොකටද? දෙකක් දාගත්තම මම ෂාරුක් ඛාන් වගේ කියලනෙ මට දැනෙන්නෙ...’

 

DESHAYA