නැති නෑදෑයොත් පස්සෙන් එනවලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180424Politicalgossip1-1අතමිට සරු දා, බලය තිබෙන දා අප වටකර ඉන්න නෑදෑ හිතවතුන් අපට බැරි වුණු දවසක මොහොතකටවත් හොයාගන්න බැහැයි කියලා කියමනක් තියෙනවනේ. ඒ වගේ සිද්ධිවලට මුහුණ දීපූ මිනිස්සු ඕනතරම් මේ සමාජේ ඉන්නවනේ.

ලෙඩක් දුකක් හැදුණත් ඉතිං තමන්ට ඉන්නේ තමන්ගේ පවුලේ අය විතරනේ.

ඒත් පුදුමේ කියන්නේ කෙනෙකුට අසාධ්‍ය වුණාම නැති නෑදෑයොත් පස්සෙන් එනවලු.

එක්තරා ප්‍රවීණ නළුවෙක් මේ කතාව කිව්වේ ෂූටිං ඉවර වෙලා වෑන් රථයෙන් ගෙදර යන ගමන් එයත් එක්ක හිටිය සහෝදර නළු නිළියන් කීප දෙනකුට. ‘අසාධ්‍ය වුණාම කොහොද නැති නෑදෑයොත් පස්සෙන් එන්නේ?’ තරුණ නිළියක් සමච්චලයට වගේ ඇහුවලු.

‘අයියෝ පාරේ තොටේ යනකොට පොඩ්ඩක් ඇස් කන් ඇරගෙන ගියොත් අපට අනන්තවත් ඔය වගේ සිද්ධි දකින්න පුළුවන්නේ. දැන් බලන්න අසාධ්‍ය ලෙඩෙක් අරගෙන ගිලන් රථයක් නලාව ගහගෙන පාරේ යනකොට ඒකේ පිටිපස්සෙන් වේගෙන් යන ඒ ලෙඩාගේ නෑදෑ පිරිස. බයික්ද, වෑන්ද, කාර්ද, ත්‍රීවීල් රථද... මේ හැම වාහනයක්ම යනවනේ ලෙඩා ගෙනියන ගිලන් රථය පස්සෙන්...’ ඒ නළුවා කිව්වම කාටත් හිනා ගියාලු.

 

DESHAYA