නිවේදකයගෙන් අමුතු රහසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-29-ent-131පහුගිය දවසක අලුත් චිත්‍රපටයක වැඩ කටයුතු ආරම්භ වුණා. මුහුරත් උත්සවය පැවැත්වුණේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක. ඒක නිෂ්පාදනය කරන්නේ කාන්තාවන් දෙන්නෙක් වීමත් සුවිශේෂී කාරණයක්.

ඔන්න දැන් නැකත් වෙලාව කිට්ටු වීගෙන එනවා. නිෂ්පාදකවරියන් දෙදෙනාම ඉටිපන්දම් අල්ලගෙන නියමිත වෙලාව එනකම් බලන් ඉන්නවා පොල් තෙල් පහන දල්වන්නට. තව තත්පර තිහයි.

උත්සවය මෙහෙයවපු නිවේදකයා ඒ නිෂ්පාදකවරියන් දෙදෙනාගේ කනට කිට්ටු කරලා යමක් කියනවා.

වැඩසටහන ඉවර වුණාට පස්සේ තමයි කෙනෙක් අර නිවේදකයාගෙන් ඇහුවේ මොනවද ඒ දෙන්නගේ කනට කරලා කිව්වේ කියලා.

‘අහ් ඒකද? දෙන්නම කාන්තා පක්ෂයෙන් නිසා මම කිව්වා දෙන්නටම එකම දේ හිතන්න කියලා. මොකද මේක සුභ කටයුත්තක්නේ.’

 

DESHAYA