පවුලයි දරුවයි බලාගන්නෙ කවුද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-15-ent-89ළඟදි බණ්ඩාරගම පැත්තෙ ටෙලිනාට්‍යයක් රූපගත කරමින් තිබුණ කාලෙක ඒ පැත්තට ආවලු අහිගුණ්ඨික සාස්තර කියන කාන්තාවෝ දෙන්නෙක්.

දවල් කෑමෙන් පස්සෙ පොඩි විවේකයකුත් තිබුණ නිසා ඒකෙ රඟපාන ප්‍රධාන නළුවෙක් මේ සාස්තරකාරියට කතා කරලා තියෙනවා. ඔහුගෙ අත බලපු ගමන් අර ගෑනිගෙ මූණට හිනාවක් ආවලු.

‘මහත්තයට නම් තියෙන්නෙ හරිම වාසනාවන්ත අතක්. වැඩිකල් යන්න ඉස්සර මහත්තයට ලස්සන, සල්ලිකාර තරුණ නෝනා කෙනෙක් බඳින්න ලැබෙනවා. ඒක කාටත් වළක්වන්න බෑ.’ කියලා කියපු ගමන් ළඟ හිටපු තවත් නළුවෙකුට මළ පැන්නලු.

‘යකෝ එහෙනම් මුගේ ගෑනිටයි ළමයි දෙන්නට වෙන්නෙ මොකද්ද කියලා මේ අතම බලලා කියපන්.’ කියලා කිව්වලු.

 

DESHAYA