පිස්සු කතා කරනවද මුදලාලි?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180424Politicalgossip2-1අපේ හිතවත් රංගන ශිල්පියෙක් එයාගේ නෝනයි දරුවනුයි එක්ක පසුගිය දවස්වල ගියාලු නුවරඑළිය පැත්තට ට්‍රිප් එකක්.

ඔන්න දවස් දෙක තුනක් විනෝද වෙලා ආපහු කොළඹ එන්න ලැහැස්ති වෙද්දි තමයි මතක් වුණේ මෙහෙ ඉන්න ළඟම ඥාතීන්ට, හිතවතුන්ට ෆ්‍රෙෂ් උඩරට එළවළු ටිකක් ගේන්න ඕන කියලා.

ඔන්න දැන් කොළඹට එන පාරේ එළවළු කඩ බොහෝමයක්ම වහලා. මොකද මේගොල්ලෝ පිටත් වෙලා තියෙන්නේ පාන්දර.

එක කඩයක් ඇරලා තිබිලා. වෑන් එක ඒ ළඟින් නවත්තපු ගමන් දැකලා තියෙනවා විශාල බෝඩ් එකක්. ‘අලුත්ම උඩරට හා පහතරට එළවළු’ කියලයි බෝඩ් එකේ ගහලා තිබුණේ.

‘මහත්තයෝ මේ දවස්වල වැඩ කරන කට්ටිය අඩු නිසා උඩරට එළවළු ටිකක් හිඟ වුණා. සුපිරි පහතරට එළවළු ටිකක් නම් දෙන්න පුළුවන්.’ කියලා මුදලාලි කිව්වම අපේ නළුවට මල පැන්නලු.

‘පිස්සු කතා කරනවද මුදලාලි?’ අපි පහතරට ඉඳං උඩරටට ආවේ පහතරට එළවළු අරං අපේ ගෙවල්වලට යන්නද?’

 

DESHAYA