බිරිඳ පැණි ආරක්ෂකයෙක්ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-05-ent-88එක්තරා මැදිවයසේ කලා ශිල්පියෙක් දැන් බීම නවත්වලා අවුරුදු 20කටත් වැඩියිලු. ඒත් ඔහු යන බොහෝ උත්සවවලට එයාගෙ බිරිඳත් අනිවාර්යයෙන්ම එනවලු.

දවසක් ඔය වගේ උත්සවයකදී ඒ කලා ශිල්පියාගෙ මිත්‍රයෙක් අර බිරිඳගෙන් ඇහුවලු මොකද මහත්තයා යන උත්සවවලට ඔයා ඇවිත්, කෑම බීම ගන්න තැන්වල මහත්තයා ගැන සුපරීක්ෂාකාරීව ඉන්නෙ කියලා.

‘එයා බොන්නෙත් නැහැනෙ. ඉතින් මොකටද බයවෙන්නෙ?’

‘අපෝ බොන්නෙ නැති එක වෙන කතන්දරයක්. ඒත් දොස්තරලා කියලා තියෙන්නෙ මෙයාට පැණිරස කෑම පෙන්නන්නවත් එපා කියලා. ගෙදරදීනම් මම ෆුල් ගාඩ් එක දාගෙන ඉන්නෙ. ඒත් එළියට පැන්න ගමන් මෙයා පැණිරස කෑම දැක්කොත් පැන්නා කටේ දාගත්තා. මම ඒකයි එයාගෙ පස්සෙන්ම එන්නෙ. ලෙඩ වුණොත් ඉතින් අපිටමනෙ කරදරේ,’ කියලා ඇය පැහැදිලි කළාලු.

 

DESHAYA