මාස 8කට පස්සෙත් හනිමුන්ලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-11-ent-80අපේ කලා ලොවේ තරුණ ශිල්පියෙක් පහුගිය දවසක විවාහ වුණේ විශාල පිරිසකගේ සහභාගීත්වය මැද්දේ.

ඔන්න ඔය හේතුව නිසා ඔහු වැඩ කළ ඇතැම් චිත්‍රපට හා ටෙලි නාට්‍යවල වැඩකටයුතු එහෙට මෙහෙට කරන්න නිෂ්පාදක, අධ්‍යක්ෂකවරුන්ට සිද්ධ වුණා. අතපසු වුණ වැඩවලට දින ගන්න එකත් ලේසි පහසු වැඩක් වුණේ නැහැ කියලයි ආරංචිය.

මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ දින 7ක් ඉලුලවමත් මේ ශිල්පියා කියනවලු හනිමූන් එක නිසා ඒ මාසෙම දින දෙන්න බැහැයි කියලා.

‘පුදුම වැඩක්නේ. බැඳලා මාස 8කට පස්සෙද හනිමූන් යන්නේ?’ අධ්‍යක්ෂකවරයා ඇහුවලු.

‘නෑ නෑ. මේකනේ වැඩේ. අපි හනිමූන් ගියාට පැරිස් ගියේ නැහැනේ. අපේ පැරිස් හනිමූන් එක දාගෙන තියෙන්නේ දෙසැම්බර් මාසේ...’ ඔහු කිව්වලු.

‘මේක යකාගේ හනිමූන් යෑමක්නේ. ලෝකෙ තියෙන හැම රටකටම යනවද වෙන වෙනම හනිමූන්?’ මළ පැන්න අධ්‍යක්ෂකවරයා ඔහුට කියලා තියෙනවා.

 

DESHAYA