වාඩිවෙලා නම් ෆොටෝ බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-23-ent-32ඕනෑම මුහුරත් උත්සවයක දී චිත්‍රපටයකට හෝ ටෙලිනාට්‍යකට සම්බන්ධ සියලුම ශිල්පීන් සමූහ ඡායාරූපයක් ගැනීම අනිවාර්යයෙන්ම කරන දෙයක් බව කවුරැත් දන්නවා.

ඔය සමූහ ඡායාරූපය ගන්නකොට චාරිත්‍රයක් හැටියට මුල් පුටු පේළියක් දානවා. ඒකෙ වාඩිවෙන්නෙ එම නිර්මාණයට සම්බන්ධ නිෂ්පාදක, අධ්‍යක්ෂක ඇතුළු ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ශිල්පිනියන්.

ඒ පිටුපස කණ්ඩායමේ අනෙක් කට්ටිය හිටගන්නවා. මෑතකදී එවැනි මුහුරත් උත්සවයකදී ඒ නිර්මාණයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිළියක් අර මුල් පුටු පේළියේ වාඩිවෙන්නෙම නැහැල්ලු පින්තූරෙ ගන්නකොට.

‘අනේ අක්කෙ ඔයා මෙතන වාඩිවෙන්නකො,’ සහාය අධ්‍යක්ෂ පෙරුත්ත කළත් ඇයට පින්තූරෙ එක් අයිනකින් ඉන්න වුවමනා බව තරයේ කියනවලු. බැලින්නම් හේතුව මේකයි. මේ නිළිය මුහුරත් උත්සවයටම කියලා ගත්තු අලුත්ම බතික් ටොප් එකේ ඩිසයින් එක පේන්නෙ නැතිවෙයිලු වාඩිවෙලා පින්තූරෙ ගත්තොත්.

 

DESHAYA