සියල්ල දත් සංජේ දත්ලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-07-ent-34

දන්න දෙයකුත් නැතිවුණාට සියල්ලම දන්නා විදිහට මහ උජාරුවෙන් කයිවාරු ගහන අයට සාමාන්‍යයෙන් කතාවට කියනවනෙ සියල්ල දත් සංජේ දත්ලා කියලා.

ඔන්න පහුගිය දවසක කලා ක්ෂේත්‍රයට සම්බන්ධ උත්සවයකදිත් ඒ වගේ මනුස්සයෙක් ඉඳලා තියෙනවා. ටිකක් රත්වුණාම ඒ අයගෙ කතාවත් වැඩිවෙනවනෙ.

දැන් එයාගෙ පරණ කතා හා පරණ කලාකාරයො එක්ක තිබිලා තියෙන සම්බන්ධකම් ගැන වටේ ඉන්න කට්ටියට කියාගෙන කියාගෙන යනවලු. එකපාරටම කියනවලු ‘ඔයාලට මතකද අහවල් ප්‍රවීණ නළුවා. දැන් ජීවතුන් අතර නැතිවුණාට එයාගෙ දුව තමයි අර අහවල් චැනල් එකේ ජනප්‍රිය නිවේදිකාව,’

ඒ කියපු අහවල් නළුවගෙ මිණිබිරීත් ඒ ළඟම හිටියලු. එයාට මේ කතාව ඇහිලා මල පැන්නලු.

‘අනේ අංකල් නොදන්න දේවල් දොඩවලා නිකම් සවුත්තු වෙන්න එපා හරිද? අර අහවල් නළුවගෙ මිණිබිරී තමයි මම. ඔය චැනල් එකේ ඔය කියන නිවේදිකාව අපේ පවුලට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. දන්නෙ නැත්නම් දන්නෙ නැති විදිහට ඉන්න අංකල්,’ කියලා ඇය හැමෝටම ඇහෙන්න කිව්වලු.

 

DESHAYA