හෙළිකොප්ටරේ බාන්න තැනක් හෙව්වලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-29-ent-132කලා ක්ෂේත්‍රයේ කාගෙත් ආදරයට පාත්‍ර වුණු ශිල්පිනියක් ඇගේ උපන් දිනය සමරන්නට ඇගේ ළඟම හිත මිතුරන්ට ආරාධනා කළාලු. කවුරැත් දැන් ඇවිත් හිටියට, අර ශිල්පිනියගේ හොඳම යාළුවා එනකම් කේක් එක නොකපා බලන් ඉන්නවලු. ‘අනේ එයා මඟ එනවලු. තව චුට්ට වෙලාවක් ඉමු හොඳේ.’ ඇය යාළුවන්ගෙන් ඉල්ලීමක් කළාලු. ඒත් විනාඩි පහ, හය, දහය, විස්ස පහුවෙනවා. අරයා නැහැ.

ඔන්න ඒ පාර ඒ ගෙවල් උඩින් හෙළිකොප්ටරයක් යන සද්දයක් ඇහිලා කට්ටිය කිව්වලු ‘අන්න දැන් එනවා. පරක්කු නිසා හෙළිකොප්ටරෙන් එනවා ඇති’ කියලා.

ඒත් යාළුවා තාම නැහැ. කවුදෝ කෙනෙක් එයාට කෝල් කරලා හෙලිකොප්ටරේ කතාවත් කිව්වලු. ඔන්න පැය භාගයක් විතර ගියාට පස්සේ යාළුවා එනවලු ලොකු හිනාවකුත් දාගෙන.

‘හරි ෂෝක් එන වෙලාව. අපි කොච්චර වෙලා බලන් හිටියද?’ එක් ශිල්පියෙක් කිව්වලු.

‘අනේ සොරි වෙන්න ඕනේ. මට හෙළිකොප්ටරේ බාන්න හරි තැනක් හොයාගන්න සෑහෙන වෙලාවක් ගියානේ..’ ඔහු ඇඟට පතට නොදැනී කිව්වලු.

 

DESHAYA