හොඳ කෑමක් කෑවොත් කපෝති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20180424Politicalgossip-1සමහර අයට පිටින් හදන කෑම කන්නම බෑ. කෑවොත් බඩ මර ලතෝනි දෙනවා. දවස් ගානක්ම බෙහෙත් ගන්න වෙනවා හොඳ වෙන්න. ඒ වුණාට තව පිරිසක් ඉන්නවා ඒගොල්ලන්ට ඕනෑම කෑමක් ඔරොත්තු දෙනවා. ඒ තරමටම හැමතැනින්ම කාලා බඩ ඒවට පදම් වෙලා.

ළඟදි දර්ශන තලයක මේ මාතෘකාව මතු වෙච්ච වෙලාවේ, අපේ එක්තරා කලාකරුවෙක් මරු කතාවක් කිව්වා.

‘මගේ යාලුවෙක් ඉන්නවා, එයා කන්නෙම අවුල් කෑම. එක්ස්පයරි ඩේට් පැන්න කෑම කන තරමට එයාට තියෙන්නේ පුදුම සනීපයක්. කෑම ටිකක් පිළුණු වීගෙන එනකොටම තමයි එයා කන්න කැමති. එයාගේ බඩට ඔරොත්තු දෙන්නේ ඒ වගේ කෑම ගත්තම තමයි. ඔන්න එක දවසක් මේ මනුස්සයා වෙඩින් එකකට ගිහින් හොඳ තරු පහේ හෝටලයකින් කෑවොත්, අන්න එදාට එයාගේ බඩ අප්සෙට් වෙනවා. අලුත් කෑම ඇඟට අල්ලන්නෙම නැහැ.’

 

DESHAYA