GM-OMG-BS සහ GN



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-03-ent-73තාක්ෂණයේ දියුණුවත් එක්කම ලෝකෙට ඇතිවන වාසිදායක තත්ත්වය වගේම තවත් අපට නොදැනෙන, ඇතැම් විට නොපෙනෙන අවාසිදායක පැතිකඩක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ඉස්සර නැහීගෙන චක්කරේ කටපාඩම් කළාට අද ඒ වෙනුවෙන් ඒ තරම් වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් ඉංග්‍රීසි වචනවල නිවැරදි යෙදුම් ගූගල් කරලා හොයාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සන්නිවේදනය සඳහා පාවිච්චි කරන තාක්ෂණික මෙවලම්වල බොහෝ විට යොදාගන්නේ කෙටි යෙදුම්ය.

ගුඩ් මෝනිං වෙනුවට GM, ඕ මයි ගෝඩ් වෙනුවට OMG, බුදු සරණයි නම් BS. ඉතිං මේ අයට කවදාවත් ඉංග්‍රීසියෙන් සම්පූර්ණ වචන ලියා ගන්න බැරි වෙනවා කාලයක් යනකොට.

ඒ මදිවට දැන් කතා කරද්දිත් කෙටි යෙදුම් පාවිච්චි කරන අය බිහිවෙලාලු.

ළඟදි කොළඹින් බැහැර ෂූටිං ගිය කට්ටියකට ඒ ටවුමේ ඒ වගේ මනුස්සයෙක් මුණගැහිලා. හැමදාම ෂූටිං බලන්න එනවලු GM කියාගෙන. රූට යද්දි GN BS කියාගෙන යනවලු.

 

DESHAYA