'24' EAP මණ්ඩලයේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සූර්යයා යනු කොලිවුඩයේ දැවැන්ත චරිතයක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. එමෙන්ම දෙස්විදෙස් හි ඔහුට ආදරය කරන රසිකයන් බලාපොරොත්තුවෙන් සිටින්නේ ඔහු රංගනයෙන් දායක වන චිත්‍රපටයක් එළිදැක්වෙන්නේ කවදාද යන්නයි. එයට හේතුව වන්නේ ඔහු එක් වසරක් සඳහා රංගනයෙන් දායක වනු ලබන්නේ එක් චිත්‍රපටයක් හෝ දෙකක් සඳහායි. එමෙන්ම පසුගියදා (මැයි 06දා) එළිදැක්වූ ඔහුගේ නවතම චිත්‍රපටය වන "24" චිත්‍රපටය එළිදැක්වූ පළමු දිනයේදී ඉන්දියානු කෝටි 20ක ආදායමක් ඉපැයීය. එහි රංගනයෙන් සමන්තා මෙන්ම නිත්‍යා මෙනන්ද රංගනයෙන් දායක වෙයි. එම චිත්‍රපටය අප රටේ EAP මණ්ඩලයට අයත් සිනමා හල්වල විකාශනය වෙයි.