අයි.පි.එල් සමාරම්භක උත්සවය හැඩ කළ රශ්මිකා

  • 01-05-2023
  • Views 128

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් අයි.පි.එල් තරගාවලිය පසුගිය සති අන්තයේදී ආරම්භ විය. සමාරම්භක උත්සවය හැඩ කිරීමට ජනප්‍රිය බොලිවුඩ් තරු මෙන්ම දකුණු ඉන්දීය සිනමා තරු රැසක්ද එක්ව තිබෙනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත්, මින් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුයේ දකුණු ඉන්දීය සුරූපිණි රශ්මිකා මන්දනා ඉදිරිපත් කළ නර්තන අංගයටය. ඇය පුෂ්පා චිත්‍රපටයේ සාමි ගීතයටත්, RRR චිත්‍රපටයේ නාටු නාටු ගීතයටත් මෙම සමාරම්භක උත්සවයේදී නර්තනයෙන් දායක විය.