වන පස මලින් - දිය ඇල්ලේ පිනි පොදින් ජීවය ලබන සොඳුරු යෞවනිය... ආන්යා

  • 19-09-2025
  • Views 388


ආන්යා............කවුද ආන්යා...

සිරස Lover's leap tele drama  එකේ ආන්යා අනේ......නොදන්නෙ කවුද ආන්යා කියලා හිතෙන තරමට කෙල්ල දැන් කවුරුත් දන්න නිළියක්.....සීත මීදුමි ඉහිරෙන සීතල තත්ත්පර අයිති හැන්දෑවන්වල  මල් පිරවූ  මල් කූඩ අරගෙන  සීත මිටියාවත් අතරෙ දුවන හිත හයිය මල් කෙල්ල..ඉතින් ආන්යා ට ආදරණීයම හුස්මක් දෙන අංජලී වත්සලා ජයසිංහ එක්කයි Saarawita  මේ පුංචි  කතා බහ

මේ දවස්වල සීතලේ..නේද ?

සීතලේ ...හැබැයි හරිම සතුටින් ...නුවරඑළියට වෙලා Lover's leap නාට්‍යයේ  රඟපානවා....Lover's leap සෙට් එකම හරිම lovely ...මට මාර support එකක්  දෙනවා...ඉතින් මහන්සියක්නම් දැනෙන්නෙම නෑ

 

කඳු නගිනවා..එහෙ මෙහෙ දුවනවා....වැස්ස සීතල මීදුම ඔක්කොම අස්සෙ shooting ...බයක් දැනිලම නැද්ද මෙහෙම shooting  කරද්දි ?

බය හිතුනෙම නෑ කීවොත් ඒක බොරුවක් ඉතින්..හැබැයි මගේ හිත හයියයි...ඔන්න එක දර්ශනයක් තිබුණා කන්දක් නැගගෙන නැගගෙන ගිහින් කන්දෙ ගැට්ටටම යන්න ඕනෑ.. වහිනවා එදා.බූට්ස් දාගෙන හිටියෙ මම .ටිකක් ලිස්සනවත් එක්ක. ඇත්තටම ඒ වෙලාවෙනම් බය හිතුණා.ඒත් ගියා.ඇල්ල දිගේ උඩට යන්නත් විනාඩි 45 ක් විතර ගියා.ඒත් ගියා..ආසාවෙන් රඟපාන නිසා මහන්සියක් නම් දැනෙන් නෑ.


2023  ක්ෂේත්‍රයට  ආව අංජලී දැන් සිනමා නිළියක් ?

උදයකාන්ත වර්ණසූරිය  මහත්මයාගෙ මේඝ වර්ෂා  film එක  නිසා මට  සිනමාවටත් එන්න ලැබුණා..දැන් ඒකෙත් වැඩ..busy  වුණාට ඇත්තටම happy 

 

ජීවිතයට විශේෂ කෙනෙක් හොයනවනම් ඒ කෙනා කොහොම කෙනෙක් වෙන්න ඕනෑද අංජලී ?

මමත් එයාට උදව් කරන්න ඕනෑ .එයත් මට උදව් කරන්න ඕනෑ.මම හිතන්නෙ ඒක ආදරයේදී යුතුකමක්. මොන ක්ෂේත්‍රයක කෙනෙක් වුණත් කමක් නෑ ...හොඳ කෙනෙක් වීම ක්ෂේත්‍රය මත නෙවෙයි පුද්ගලයා මත තීරණය වෙන දෙයක්

 

එහෙම විශේෂ කෙනෙක් ඉන්නවද දැන් ?
 තාම එහෙම නෑ..

 

වෘත්තීමය නිළියක් වෙන්න ඕනෑ කියන හිතුවිල්ලක් දැන් ඔය හිතේ තියෙනවද ?

වෘත්තීයක්  විදිහට රඟපානවද නැද්ද කියන එක ඇත්තටම තාම හිතලා නෑ.හැබැයි  හොඳ චරිතයක් ආසා චරිතයක් ලැබුණොත් මම එතෙන්දි නිළියක්