දැයේ දරුවත් වෙනුවෙන් යොවුන් සේනාංකයෙන් පින්කම්

දීපව්‍යාප්ත වෙසක් පින්කම් රැසක් සමඟින් ජාතික යොවුන් සේනාංකයෙන් සුවිශේෂී ආගමික මෙහෙවරක්
වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජාතික යොවුන් සේනාංකය වාර්ෂිකව සංවිධානය කරනු ලබන "යොවුන් බැති ගී සරණිය 2026" සහ අයිස්ක්‍රීම් දන්සැල පසුගිය මැයි 30 වන දින ජාතික යොවුන් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ත
රුණ පරපුර සදහම් මඟට යොමු කරමින්, ඔවුන්ගේ ආධ්‍යාත්මික ගුණවර්ධනය උදෙසා සංවිධානය කෙරුණු මෙම උතුම් පින්කම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් කුමාර සහභාගී විය.
ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බී. ඒ. ගාමිණී වික්‍රමපාලගේ පූර්ණ මඟපෙන්වීම යටතේ ජාතික යොවුන් සේනාංකයේ සභාපති නලින් රදම්පලගේ මැදිහත්වීමෙන් සහ මූලස්ථාන කාර්ය මණ්ඩලයේ නොමඳ කැපවීම හා ශ්‍රමදායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී ඉදිරිපත් කළ බැතිගී ගායනා ජාතික යොවුන් සේනාංක යක්කල සෞන්දර්ය පුහුණු පාසලේ සෞන්දර්ය උපදේශකවරුන් සහ පුහුණුලාභීන් විසින් ඉදිරිපත් කරන ලද අතර, එම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.
මූලස්ථාන වැඩසටහනට සමගාමීව, ජාතික යොවුන් සේනාංකය විසින් පළාත් මට්ටමින් ද දීපව්‍යාප්ත වෙසක් පින්කම් මාලාවක් සංවිධානය කර තිබුණි. පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, පළාත් මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල සහ එහි සිසු සිසුවියන්ගේ සාමූහික එකමුතුවෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන් මාලාවට දන්සැල් 34 ක්, ධර්ම දේශනා සහ කවි බණ වැඩසටහන් 44 ක්, වෙසක් කූඩු සහ සැරසිලි කලාප 43 ක් මෙන්ම පළාත් මට්ටමේ බැති ගී සරණි 06 ක් ද ඇතුළත් විය. මීට අමතරව ලේ දන්දීමේ කඳවුරු සහ ශ්‍රමදාන වැඩසටහන් ද ඒ යටතේ දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. තරුණ ශ්‍රමය සහ කුසලතා ආගමික හා සමාජයීය මෙහෙවරක් වෙනුවෙන් අර්ථවත් ලෙස යෙදවීමට ජාතික යොවුන්h සේනාංකය ගත් මෙම කාලීන පියවර පොදු මහජනතාවගේ නොමඳ ප්‍රශංසාවට පාත්‍ර විය.















