ඒක තමයි මේක - ආව දවස

  • 04-06-2026

ඒක තමයි මේක කියන්නේ සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ ඉවෝක් රූපහල ෆිල්ම්ස් පෞද්ගලික සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපටයක්.

රංග ජයකොඩි,චමල් රත්නායක ,රනිඳු සේනාරත්න ,ලෝචනා ජයකොඩි,ලක්මාල් වීරසිරි ,ශාන් අරෝෂ,ජනිත් රූපසේන ,කළණ ගුණසේකර ,සංගීත් ප්‍රභූ සහ සංජානා ඔනාලි ඇතුළු පිරිසක්.

ඊට අමතරව රන්ජන් රාමනායක ,ජනිත් වික්‍රමගේ ,විල්සන් ගුණරත්න ,ආනන්ද වික්‍රමගේ,ශ්‍රීමාල් වෙඩිසිංහ,පියුමි බොතේජු ,නිල්මිණි කෝට්ටේගොඩ ,දමිතා අබේරත්න ,ආරියසේන ගමගේ ඇතුළු පිරිසක් ආරාධිත රංගනයෙන් දායක වෙනවා.

ඒ වගේම තවත් සහාය නළු නිළියන් රැසක් රඟපාන මේ චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනයක් පසුගිය දිනෙක පැවැත්වුණා.

ඇන්ටන් . ජේ  ප්‍රනාන්දු මාධ්‍ය සම්බන්ධීකරණයෙන් එක්වූ ඒක තමයි මේක චිත්‍රපටයේ එදා එකතුව සේයා රූ හි සටහන් වුණේ මෙහෙමයි.