ඊයෙ කොල්ලට සම්මාන දෙකක් ලැබුණා ...අනේ පුතේ කියලා එයා බදාගන්න මම නැති වුණානෙ.

  • 20-09-2025
  • Views 448

එහෙව් ඇබැද්දියක්  !


ඊයෙ ඒ කියන්නෙ 2025. .09.19 වැනිදා The Tenth Derana Lux Film Awards  බලන්න එන්න දන්න කියන එක නළුවෙක් හරි ආසාවෙන් ලෑස්ති වෙලා තියෙනවා... එහෙම ලෑස්ති වෙච්ච ඒ නළුවගෙ  අය්යා  අපේ රටේ හිටපු නම කීවොත් නොදන්න කෙනෙක් නැති නළුවෙක් ..අපෙන් සමුගත්ත ජැක්සන් ඇන්තනී තමයි ඒ....එයාගෙ මල්ලි සුදත් ඇන්තනි තමයි ඊයෙ දෙරණ Film Awards  බලන්න එන්න හිටපු නළුවා....film awards පටන් ගන්න ඔන්න මෙන්න ....සිරිතකට වගේ වෙලාවට වැඩ කරන එයා තාම නෑ....යාළුකමටත් එක්ක කෝ ඔයා එන් නැද්ද අහද්දී තමයි හිටු කියලා වෙච්ච අලකලංචිය එයා මට කීවේ..අයි අයියෝ කියලා මට හිතෙද්දි මම ඇහුවා ලියන්නද ඒක  Saarawita  ට කියලා....ආ ලියපන්....ඒ තමා එයාගෙ උත්තරය...මම ඇහුවා ප්‍රශ්නයෙන් ප්‍රශ්නය....එයා දුන්නා උත්තරයෙන් උත්තරය....


කියන්නකො ඇයි නාවෙ ඔයා ?

ඔයා ඊයෙ එන් නැද්ද අහද්දී මම කකුලෙ බාම් ගානවා...මම යන්න ඇඳුමත් අයන් කරලා තියලා ඩයි එකක් ගේන්න කඩේට යන්න ලෑස්ති වුණා...මම ඉන්නෙ උඩ තට්ටුවක ..පල්ලෙහාට බහින්න පඩිපෙළ හතරයි බැස්සෙ දඩාං ගාලා ලිස්සලා ගිහින් ගෙම්බා පොළොවෙ ගැහුවා වගේ මම වැටුණා..අම්මට සිරි කකුල හොල්ලන්න බෑ ..පඩි පෙළ දිගේ බඩ ගාගෙන මම උඩට  නැංගෙ


දැන් කොහොමද කකුල ?

තාම කැක්කුම...බෙහෙත් අරන් ආවා...ඇත්තටම කීවොත් හිතට පට්ට දුකයි අප්පා...මාර ආසාවකින් එන්න ලෑස්ති වෙලා හිටියෙ..හේතු දෙකක් නිසා....


හේතු දෙකක් ?

ඔව් ...මගෙ අය්යා ජීවත්ව ඉන්න කාලෙ මට තෑගි දුන්නා අළු පාට කුර්තා එකක් ...ඒක මට අය්යා ඉද්දි අඳින්න බැරි වුණා .ඒක තමයි ඊයෙ අඳින්න ලෑස්ති වෙලා හිටියෙ....ඒක ඇඳන් එන්න ආසාවෙන් හිටියෙ ..අනික් එක මගෙ  කොල්ලට (සජිත ඇන්තනි ට ) සම්මානයක් හම්බවෙයි කියලා මට  ලොකු විශ්වාසයක් තිබුණා .කුමාරි  අක්කා සජිතගෙ අම්මා ලංකාවෙ නැති නිසා ඊයෙ එයාට එන්න ලැබුණෙත් නෑ..කොල්ලා ආසයි එයාට සම්මානයක් ලැබෙද්දි පවුලෙ එකෙක් ළඟ ඉන්නවට...කලින් සැරේකත්  සජිතට සම්මානයක් ලැබෙද්දි අපි කවුරුත් නැති වුණා කොල්ලට අත් පුඩියක් ගහන්න..එදාත් මට පුතා කීවෙ මට දුකයි  දාත් බාප්පෙ මගේ එකෙක් මං වෙනුවෙන් අත් පුඩියක් ගහන්න නැති වුණාම කියලා..ඒ කැක්කුම කකුලෙ කැක්කුමටත් වඩා වැඩියි මට ...ඊයෙ කොල්ලට සම්මාන දෙකක් ලැබුණා ...අනේ පුතේ කියලා එයා බදාගන්න මම නැති වුණානෙ.


 සජිත ඔයාට හුගාක් ආදරෙයිද ?

ඔව් ...එහෙම අහද්දිත් කඳුළු එනවා.
.මම .ඉතාලියෙ ඉන්න කාලෙත් චූටි පුතා සජිත මට කියන්නෙ දුරම ඉන්න ළඟම බාප්පා කියලා.

මම වැටුණා බං  ඩයි එකක් අරන් එන්න කියද්දී ම මම සුදත් ඇන්තනිගෙන් අහපු පළවෙනි ප්‍රශ්නය යි එයා දුන්න උත්තරයයි ඔන්න මම  අන්තිමට ලියනවා 

 

ඉතින් අය්යෙ ඩයි ගාන්න ඔයාට කොණ්ඩයක් නෑනෙ තට්ටයක්නෙ තියෙන්නෙ ?

කොණ්ඩයක් නැති වුණාට රැවුලක් තියෙනවා නෙ බං රැවුලෙ ගාන්න ඩයි ගේන්න ගියේ...වයසට ගියත් කොල්ලා වගේ ඉන්න එපැයි බං......


ඉතින්  අවංකවම වදන්  සංස්කරණයක් නැතුව කතා කරන හිත මිතුරාණෙනි ...

අමුවෙන් කියපු දේවල් අමුවෙන්ම ලියුවා...

ඉක්මන් සුව අපේ පැතුම