ඇමෙරිකානු ගායක මාක් ඇන්තනි යළිත් පියෙකු වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ජනප්‍රිය නිළියක් වූ නාඩියා ෆෙරයිරා සමගින් විවාහ වි සිටින ඇමෙරිකානු පොප් ගායක මාක් ඇන්තනි නැවත වරක් පිය පදවිය ලැබීමට සූදානමින් සිටින බව සඳහන් වෙයි. පසුගියදා පැවති නාඩියා හා ඔහු සහභාගි වූ ප්‍රසිද්ධ උත්සවයක් අතරතුරදී මාක් මේ බව ප්‍රසිද්ධ කළ බව සඳහන් වෙයි.

මාක් මීට පෙර ජෙනිෆර් ලොෆෙස් ඇතුළු තවත් කාන්තාවන් කිහිප දෙනෙකුගේම සැමියා වි සිටි අතර, ඔහුට හා ලොෆේස්ට දාව නිවුන් දරුවන්ද සිටින බව සඳහන් වෙයි. මාක්, නාඩියාට දරුවෙක් ලැබෙන පුවත පවසන විඩියෝවක් හා ඡායාරූප බොහෝමයක් මේ වනවිට අන්තර්ජාලය තුළ දකින්නටද ලැබේ.