ජනප්‍රිය චිත්‍රපටයක් වූ වෙල්කම් තුන්වැනි කොටස සඳහා හින්දි සිනමා නළු සංජේ දත් හා ඔහු සමග චිත්‍රපට කිහිපයකම එකට රඟපෑ ආර්ෂාඩ් වාසී තෝරා ගෙන ඇතැයි වාර්තා වෙයි. මීට පෙර මෙම චිත්‍රපටයේ නානා පටේකාර් හා අනිල් කපූර් රංගනයෙන් දායක වූ අතර, ඔවුන්ගේ චරිත වෙනුවට මෙසේ සංජේ දත් හා ආර්ෂාඩ් තෝරා ගෙන ඇති බවට තොරතුරු ලැබේ.
සංජේ හා ආර්ෂාඩ් වඩාත් ජනප්‍රිය වූයේ මුන්නාබායි එම්බි බි එස් චිත්‍රපට ද්ව්ත්වය හරහාය. විකට නළුවෙකු ලෙස කාලයක් තිස්සේ එකම රාමුවකට කොටුව සිටින ආර්ෂාඩ් නැවතත් සංජේ දත් සමගින් වැඩ කරන්නට ලැබීම සතුටක් බව පවසා තිබේ. මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් කටයුතු එළැඹෙන සැප්තැම්බර් මාසයේදී සිදු කිරීමට නියමිතව ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
