කියාරාගේ උපන්දිනයට සිද්ධාර්ත් දුන් තැග්ග

  • 18-09-2023
  • Views 255

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි කියාරා ආද්වානිගේ 31 වැනි උපන්දිනය මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණි. ඒ වෙනුවෙන් ඇගේ සැමියා සිනමා නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා ඇයට අමතක නොවන තැග්ගක් ලබා දී ඇත.

සිද්ධාර්ත් හා කියාරා දෙදෙනා ඉතාලි යැයි අනුමාන කළ හැකි විදෙස් රටක මුහුදු වෙරළක් අද්දර අධි සුඛෝපභෝගි යාත්‍රාවක සිට මුහුදු නාමින් විනෝද වෙමින් ඇයගේ 31 වැනි උපන්දිනය එම යාත්‍රාවේදීම සමරන්නට කටයුතු කර තිබුණි. ඔවුන් නාමින් විනෝද වෙන කුඩා විඩියෝවක් කියාරා සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුමටද එකතු කර තිබෙන අතර, එහි ඇය වටිනාකමින් ඉහළ නාන ඇඳුමකින්ද සැරසි සිටියහ.