සුපිරි නළු ලියනඩෝ ඩී කැප්රියෝගේ පෙම්වතිය බවට සැක කරන මෝස්තර නිරූපිකා ගිගි හැඩිඩ් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ගිම්හාන නිවාඩුව ගත කිරිම සඳහා සිය සමිප මිතුරිය වූ ලේහා මැග්රාති සමගින් කෙමන් දුපත්වලට සිය පෞද්ගලික ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබුණ අතර, රේගු නිලධාරින් විසින් ඔවුන්ගේ ගමන් මළු පරික්ෂා කිරිමේදී එහි ගංජා මත්ද්‍රව්‍ය තිබි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව සිරකරුවන් රැඳවුම් මධ්‍යස්ථානයට ඔවුන් රැගෙන ගොස් එහිදි ඇප මත එවුන් දෙදෙනා නිදහස් කළ බව සඳහන් වෙයි. ඔවුන්ට මෙසේ ඉක්මනින්ම ඇප ලැබි ඇත්තේ ගිගි මෙන්ම ඇගේ මිතුරියද වරද පිළිගැනීමත් සමග බව දැන ගැනීමට ලැබේ. එමෙන්ම ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් දහක මුදලක්ද දඩ වශයෙන් ගෙවීමට සිදුවිය.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
