කාලයක් තිස්සේ ඉන්දීය මාධ්‍යවේදින් සමග ගැටුම් ඇතිකරගත් සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ බිරිඳ ජායා බච්චන් මීට දින කිහිපයකට පෙර යළිත් එවැනිම අරාවුලක් ඇති කරගත් පුවතක් වාර්තා වෙයි. ඇය මෙවර ගැටුම් ඇති කරගෙන තිබුණේ කරන් ජෝහර්ගේ රිකී අවර් රාණි කී ප්‍රේම් කහානි චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹිමට පැමිණි අවස්ථාවේදීය.
ඇය සිය දරුවන් වූ ශ්වෙතා බච්චන් හා අභිෂේක් බච්චන් සමගින් මෙම මංගල දර්ශනය නැරඹිමට පැමිණ සිටි අතර, රතු පළස මතින් ගමන් ගනිද්දි ඉන්දීය මාධ්‍යකරුවන් විසින් ඔවුන්ව නවතා ඡායාරූප ගැනීමට කාලයක් දෙන ලෙස ඉල්ලීම් කොට ඇත. එහෙත්, ඔවුන්ව ගණන් නොගෙන ඡායා දිගටම රතු පළස මතින් ගමන්ගෙන තිබෙන අතර, කෝපයට පත් මාධ්‍යකරුවන් මෙහිදි ඡායාට උසුළු විසුළු කර ඇත. ඔවුන්ගේ කෑගැසීමෙන් කෝපයට පත් ඇය මාධ්‍යකරුවන්ට බැණ වැඳි ඇති අතර, ඒ බනින ආකාරය විඩියෝගත යම් පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර තිබෙන බව සඳහන් වෙයි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
