මීට වසර තුනකට පෙර කෝචි හි පෙරුම්බාවුර් ප්‍රදේශයේ පැවති උත්සවයක් සඳහා නර්තනයක් රඟදැක්වීමට සනි ලියෝනට ලක්ෂ ගණනාවක් ගෙවනු ලැබුවද ඇය ඊට සහභාගි නොවීම හේතුවෙන් එම උත්සවය සංවිධානය කළ පෙරුම්බාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම් ෂියාස් විසින් මීට වසර තුනකට පෙර ඇයට විරුද්ධව නඩුවක් ගොනු කර ඇත.
නැවත වරක් මෙම නඩුව කෝචි අධිකරණය විසින් මීට දින කිහිපයකට පෙර විභාගයට ගත් අතර, සනි ලියොන් තමා නිවැරදි බව ඔප්පු කරන්නට පවසා තිබුණේ උත්සවයට තමාට සහභාගි වීමට නොහැකි වූ නිසාවෙන් තමන්ට ලබාදුන් අදාල මුදල් නැවත වරක් එම සංවිධායකවරයාට ගෙවීමට කටයුතු කළ බවත්ය.
කෙසේ වෙතත්, ඔහු එම අවස්ථාවේදී එම මුදල් භාර ගැනීම ප්‍රතික්ෂේප කර නඩු දැමීමට පියවර ගත් බව සනි මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා ඇත. එමෙන්ම තමන් පමණක් නොව තම සැමියාට එරෙහිවද මේ වන විට මෙම නඩුව ක්‍රියාත්මක වෙමින් පවතින බව ඇය මාධ්‍යයට කියා තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
