මේ දිනවල සිය විවාහය සැළසුම් කරන රශ්මිකා

  • 03-04-2024
  • Views 105

27 වැනි වියෙහි පසුවන සුරූපි ඉන්දීය සිනමා නිළි රශ්මිකා මන්දනා මේ වනවිට සිය විවාහ සැළසුම් කරමින් සිටින බව සඳහන් වෙයි. ඒ සිනමා නළු විජේ දේවර්කොණ්ඩා සමගය. කාලයක් තිස්සේ ඔවුන් දෙදෙනා පෙම්වතුන්ව සිටින බව බොහෝ දෙනෙකුට නොරහසකි.

අති සාර්ථක චිත්‍රපට කිහිපයකම රඟපාන්නට අවස්ථාව ලැබුණ රශ්මිකා තවත් මාස කිහිපයකින් තම විවාහය සිදු කරන බවට සිය රසිකයින්ට ඉඟි ලබා දි ඇත. එමෙන්ම මේ බව විජේද ප්‍රසිද්ධයේ පවසා තිබේ. ඔහු පවසන්නේ භාරගත් චිත්‍රපට කිහිපයක වැඩ නිමවූ බව රශ්මිකා සමගින් තම විවාහය සිදුවෙන බවය.