පසුගිය අප්‍රේල් 21 වැනිදා ප්‍රදර්ශනය වූ සල්මාන් ඛාන්ගේ කිසි කා බායි කිසි කි ජාන් චිත්‍රපටය සඳහා සිය වියදම් වූ ඉන්දීය රුපියල් කෝටි 150ක මුදල මේ වනවිට උපයා ගැනීමට සමත්ව ඇත. එහෙත්, සල්මාන් පවසන්නේ තමන් බලාපොරොත්තු වූ සීමාවට සිය චිත්‍රපටය තවමත් නොපැමිණි බවය.
ඔහුගේ මිළඟ චිත්‍රපටය ටයිගර් තුන්වැන්න වන අතර, එය නොවැම්බරයේ යෙදෙන දිපවාලි උත්සව සමයේ නිකුත් කරන්නට සැළසුම් කර තිබේ. ඉන් පසුව සල්මාන් රංගනයෙන් දායක වෙන චිත්‍රපට පිළිබඳව තොරතුරු තවමත් වාර්තා නොවේ. එහෙත්, ඔහු ඉදිරියේ ව්‍යාපෘති හයක් තිබෙන අතර, තවමත් ඒවා ගැන සල්මාන් අධ්‍යයනය කරමින් සිටියි. ලබන වසරේ ඊද් දවසේදී ඔහුගේ මෙම එක් ව්‍යාපෘතියක් නිකුත් කරන්නට සල්මාන් සූදානමින් සිටින බවට තොරතුරු ලැබේ.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
